ආයු එක්ක නවසීලන්තයට සිනමා වසන්තයක් අරන් එන Krystal Events

ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක.......ආයු කියන්නේ ආදරවේදයක අසීමාන්තික අනන්තයක්.....සියක් දහසක් ප්‍රේක්ෂකයන්ගේ හදගැස්ම හා යා වී මේ කොදෙව්වෙන් එහාට ලෝකයටම යාත්‍රා කරන ආයු නවසීලන්තයට අරගෙන එන්නේ Krystal Events
.....අහන්න....... සුවිශේෂත්වය තමයි වසර හතරක කාලයක් තිස්සේ නුරා වසන්තේ ,හරිත නිම්නය ,චකිතය වැනි කී නොකී ප්‍රසංග ගණනාවක් ඔස්සේ නවසීලන්තයේ ගීතයට සංගීතයට නර්තනයට ආදරය කරන ප්‍රේක්ෂක හිත් තුටු කළ අනාගතයේදීත් තුටු කරන Krystal Events කලාව හා යන ගමනේ නවමු සමාරම්භයක් සනිටුහන්
කරන්නේ සිනමාවට ආදරය කරන නවසීලන්ත ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපට නවසීලන්තයට රැගෙන එමින්.... ලංකාවේ චිත්‍රපට ලෝකයට අරන් යන තව බොහෝ අය හිටියත් ඒ ඇතැම් අය " Event මුදලාලිලා' විතරක්ම වෙන පසුබිමක ගීතයට සංගීතයට සහ සිනමාවට ඇත්තටම ආදරය කරන රසවතෙක් ඒ ක්ෂේත්‍රය තුළ බිහිවීම ඉතින් සතුටට කරුණක්.
Global Federation Of Sri Lankan Buisness Councils හි සාමාජික්ත්වය දරන Krystal Holdings LTD අධිපතිවරයා ලෙස, ලක්දිව් නිෂ්පාදන නාමය ඔස්සේ නිෂ්පාදන ගණනාවක් ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දෙමින් ලක්දිව් Super Market ඇතුළු තවත් ව්‍යාපාර ජාලයක් මෙහෙයවන නිශාන්ත ආරියවංශ ජෙනරල් දයා රත්නායක සහ යසස් රත්නායක නිෂ්පාදනය කළ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආයු නවසීලන්ත ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නවසීලන්තයට රැගෙන ඒමට යත්න දරන්නේ අලුත්ම සිනමා වසන්තයක් නවසීලන්තයට රැගෙන එමින්...
කලාවට සහ ව්‍යාපාර ක්ෂේත්‍රයට මෙන්ම සොබා දහමටත් වන අලි සම්පතටත් එකසේ පෙම් බැඳී රසවතකුගේ සිනමාමය ගනුදෙනුවත් නිසැකයෙන්ම සුන්දරම වෙයි කියලා හිතෙන්නේ 2026 වර්ෂය වෙනුවෙන් Krystal Events නවසීලන්ත රසිකාගාරයට කැඳවාගෙන ඒමට සූදානම් වන චිත්‍රපට නාමාවලිය දැක්කම.
තනියෙන් දිනුම් කණු පහු කරන්න උත්සාහ කරන සුවහසක් මිනිස්සු අතරේ.......දිනන මිනිස්සුන්ට " කෙළවන්නට " " ගේම් " ගහන සුවහසක් මිනිසුන් අතරේ ,දිනන මිනිසුන්ට තවත් දිනන්නට පාර කියන ,පරාජිත මිනිස්සුන්ට දිනන්න පාරවල් සොයා දෙන මිනිසුන් හමුවීම අහම්බයක් තරමටම විරල යථාර්ථයක්.
ඉතින් ඒ අහම්බය සහ විරල යථාර්ථය තුළ Krystal Events නිශාන්ත ආරියවංශ ට ඔහු දෙවුර දරාගත් මනුෂ්‍යත්වය සහ පරාර්ථය වෙනුවෙන් ස්තූතියි කියන්නත් අපි මේක මොහොතක් කර ගන්නවා.
ඉතින් නොවැම්බර් 15 Vairau Park නොවැම්බර් 16 Sylvia Park හවස තුනට ආයු නවසීලන්තයේ ප්‍රේක්ෂකාගාරය පිනවන්න සූදානම්.......
Krystal Events ආදරණීයම ඔබට සාරවිට සුබ පැතුම්




Krystal Events LTD අධිපති නිශාන්ත ආරියවංශ
