ඇන්තනී පවුලේ මහගෙදරදී දූ පුතුන් ඥාතීන් එක් වී හදිසියේම ධර්ම දේශනා පිංකමක් පැවැත්වූයේ ඇයි?
මෙරට කලා ක්ෂේත්‍රයේ දැවැන්ත කලා ශිල්පියෙක් වෙන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කවුරුත් දන්නා පරිදි මේ වන විටත් පසුවන්නේ රෝගාතුරවයි. ඒ පහුගිය වසරේ ජුලි මාසයේ වුණු හදිසි අනතුරක් හේතුවෙන්.
කාලයෙන් කාලයට ඔහුගේ තත්ත්වය පිළිබඳව විවිධ කටකතා සහ විවිධ මත පළ වෙන්න පටන් ගත්තා.
ඔහුගේ පවුලේ සාමාජිකයින්ද මාධ්‍යය පැමිණ ඔහුගේ තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා.
පසුගියදා රෝගාතුරව සිටින ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ ඉක්මන් සුවය පතා ඇන්තනී පවුලේ නිවසේ ධර්ම දේශනා පිංකමක් පැවැත්වුණා. මේ අවස්ථාවට ඇන්තනී පවුලේ සාමාජිකයන් මෙන්ම ඥාතීන්ද සහභාගි වුණා.
එම ධර්ම දේශනය පැවැත්වෙන අවස්ථාවේ වීඩියෝ පටයක් මාධවී ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. එහි එක් වීඩියෝ පටයක ස්වාමීන් වහන්සේ මෙසේ දේශනා කරනවා.
"මහපොලොවෙ පය ගහලා ජීවත් වෙන බොහොම නිහතමානී පිංවන්ත මනුස්සයෙක්. ඒ වගේම එතුමාට මේ අනතුර සිදුවුණාට පසුව අපටත් යම්කිසි සංවේගයක් ඇති වුණා. වටිනා කෙනෙක්ට හදිසියේ මේ කරදරය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපට පුළුවන් ආකාරයට එතුමාට ආශිර්වාද කිරීමටයි අප මෙහි පැමිණිලා ඉන්නේ පොසොන් පෝය දවසට පසු දින."





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
