ඉදිරි කාලය තව තවත් අපේ රටට ජනතාවට යහපත් වේවි

  • 23-03-2023
  • Views 296

ගෙවුණු කාලයේ රූ රැජිණ කිරුළක් නිසාම වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණු නිරූපණ ශිල්පිනියකි, පුෂ්පිකා ද සිල්වා. ඇය සිය සමාජ මාධ්‍යය ගිණුම්හි රට ගැන, සංචාරක කර්මාන්තය ගැන, රට තුළ ඇවිදින්න නරඹන්න තියෙන තැන් ගැන නිතර තබන සටහන් සහ ඡායාරූප අපිට දැකිය හැකියි.

මේ සටහනත් එලෙස ඈ තබන ලද සටහනක්.

"මගේ රට නියෝජනය කරමින් ලෝකෙ ගොඩක් රටවල්වලට ගියපු කෙනෙක් වුණත්, මට මගේ රට තරම් සුන්දර පාරාදීසයක් තවත් නැහැ. ඇත්තටම අද මට හරිම සතුටුයි, මොකද සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙමත් මගේ රට, මේ ලෝකෙ හැම රටකින්ම එන සංචාරකයන්ගෙන් පිරුණු දිවයිනක් බවට පත්වෙමින් තියෙන හැටි මේ සුන්දර උණවටුනට ආවට පස්සේ මම දැක්කා. ඉදිරි කාලය තව තවත් අපේ රටට ජනතාවට යහපත් වේවි. දුක් කරදර, ණය බර අඩු වෙලා, සැනසිල්ලේ හුස්ම ගන්න පුළුවන් හොඳ කාලයක් ළඟ ළඟම උදාවෙනවා කියල මට ගොඩක් විශ්වාසයි. ජීවිතේ හරි අමාරු කාල පවා හරි හයියට අල්ලගෙන හිටපු අපි, මේ වෙලාවේ එකට එකතුවෙලා, අනික් අයටත් උදව් කරගෙන, අපේ රට වෙනුවෙන් වැඩ කරමු.!

සංචාරක කර්මාන්තය දියුණු කරන්න, අපි අපේ රට ගැන මුලු ලෝකයට ම කියමු!

- පුෂ්පිකා ද සිල්වා "