ඉරිදා ලංකාදීපයේ කොඩී සිරසෙ එදිරිට කවි ලියයි

  • 04-11-2026

අපේ කොඩී ....

අපේ කීවේ ඉරිදා ලංකාදීපයේ කොඩීගෙ... ප්‍රියන්ත කොඩිප්පිලිගෙ කවිවල තියෙනවා විඳින්න පුළුවන් ළය ලෙයට හෙමි හෙමින් සීරුවෙන් මාරුවෙන් අනින මසාල රහක්....වෙලාවකට "පිහිතුඩින් ආදරය" ලියුවත් කොඩී ඒ වචන ඇමිණිල්ල හරි රහයි බං....ඉතින් මේ තියෙන්නේ සිරසට යන්නම් කී නිහාල් වික්‍රම එදිරිසූරිය මාධ්‍යයේ එක්  හිතවතෙකු වෙනුවෙන් කොඩී ලියූ පැදි පෙළක්...

නිමකොට නිහාලුත් තම සේවය සිරසේ
හැරදා සිරස යන්නට අද දින සැරසේ
හිටියත් හඬින් වැඩ දා සිරසෙහි පොර සේ
නෑසෙයි තවත් මේ හඬ සිරසෙන් පෙර සේ

බැඳිලා මේ හඬට අපි සෑහෙන කල්ය 
සිරසෙහි එදා කළෙ මරු කෙරුවාවල්ය
අවුරුදු තිස්දෙකක වැඩ මුරයම ලල්ය
යන තැන පිපිය යුත්තේ දහසක් මල්ය

හිටි අය ලක්ෂපති ඇතුළුව මෙකී කොකී
උන්ගේ නම් ගියා එක එක හෙමින් මැකී
මුල් කාලයේ එය ඇහු අපි තමයි ලකී
දැන් නම් සිරස යනු නොස්ටැල්ජියාවකී

හැරදා සිරස බැහැරට තිව්වත් පාදේ
වැඩ කිඩ ඉවර නැත ඒ ගැන මොන වාදේ
තව තව ඇසේවා ඉදිරියටත් නාදේ
සතිඅග නෙවෙයි හැම දින වේවා සාදේ

යන්නට ගියත් සිරසෙන් අද දින එදිරී
නෑ කටහඬින් ඔහු කිසිවෙකුටත් පදිරී
යනවා සිරසෙ මහ මුල් මේ ලෙස ඉදිරී
පාලුයි එදිරි නැති එහි එෆ් එම් මැදිරී

ප්‍රියන්ත කොඩිප්පිලි