උරේෂා රවිහාරි කියන්නේ අපේ ගායන ක්ෂේත්රයේ නැතිවම බැරි ගීත කෝකිලාවක්. විශේෂයෙන් චිත්‍රපට ක්ෂේත්රයේ දෙදාහ දශකයේ වැඩියෙන්ම ඇහුනේ ඇගේ හඬින් ගැයුණු ගීත. ප්‍රසංග වේදිකාවේද ජනප්‍රිය තාරකාවක් වෙන උරේෂා පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. උරේෂා මෑතකදී සහභාගි වුණු යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ඇගේ විවාහ ජීදිතය ගැන එක්තරා අද්දැකීමක් කියා සිටියා.
පහත දැක්වෙන්නේ ඇය පැවසූ දෑ.
"එතකොට මට සර්වන්ට්ස්ලා දෙන්නෙක් හිටියා. මගේ සැමියා මුල් කාලේ කිව්වා මම ගෑණියෙක් ගත්තේ වැඩකාරයො උයන කෑම කන්න නෙමෙයි කියලා. ඒක තදින්ම මගේ මගේ හිතට දැනුණා. මම එහෙම වෙන්න කැමැති නෑ. ඊටපස්සේ මම මගෙ දරුවාගේ වැඩකටයුතුත් තනියම කරන්න පටන්ගත්තා. ටික ටික අනිත් ගෙදර වැඩ ටිකත් කරන්න ගත්තා. මම සියලුම දේවල් කළමණාකරණය කරන්න පුළුවන් වුණා. තනියම ඒ හැමදෙයක්ම කරගෙන පහුවදා රෙකෝඩින්ග් තියෙනවා නම් මම ඒ වෙලාවත් මගේ වෘත්තිය වෙනුවෙන් කැප කළා. ඊටපස්සේ මගේ ජීවිතේ මගේ වැඩ කටයුතු කරගන්න ලේසි වුණා. විවාහ ජීවිතේ හොඳයි කියන තැන ඉඳලා බැලුවොත් විවාහා ජීවිතේ හොඳයිම තමයි. ඒත් මේක හරි කරුමයක් කියලා හිතුවොත් කරුමයක්ම තමයි..."





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
