සංසාරේ දඩයක්කාරයා, 28 , කර්ම, සංඛාරා වැනි සම්මානිත චිත්‍රපට අධ්‍යෂණය කළ ප්‍රසන්න ජයකොඩි වසර 20කට පමණ පසු නිර්මාණය කළ ටෙලි නාට්‍යයක පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ටෙලිය නම් කර ඇත්තේ "එයා දැන් බැඳලා" නමිනි. මෙය "28" සිනමාපටයේ දිගුවක් වන අතර චිත්‍රපටයේ එන සුද්දීගේ කතාවේ පළමුවැනි කොටසට ගත් වස්තුබීජයේ සිනමා පිටපත වෙනස් කර ටෙලි නිර්මාණයක් ලෙස ගොඩනගා ඇති බව යි අධ්‍යක්ෂවරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ.
මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, ප‍්‍රදීප් රාමවික්‍රම, ප්‍රියන්ත සිරිකුමාර, ප්‍රසන්න දැකුම්පිටිය, ගීතා අලහකෝන් "එයා දැන් බැඳලා" වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබාදෙයි.
ටෙලියේ නිෂ්පාදනය වසන්ත කන්නන්ගර, කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සංස්කරණය රංගන සිංහාරගේ, සංගීත අධ්‍යක්ෂණය ගයාන් ගණකධාර, ගායනය අජිත් කුමාරසිරි, නිෂ්පාදන විධායක නිශාන්ත රණසිංහ, කලා අධ්‍යක්ෂණය සුරංග ගුණතිලක, වෙස් ගැන්වීම් ප්‍රේමලාල් ලියනගේ, ඇඳුම් නිර්මාණ වසන්ති අල්විස්, නිෂ්පාදන කළමනාකරු නලින් ප්‍රේමරත්න, පළමු සහය අධ්‍යක්ෂ ගිම්හානි ඉඩම්මුදලිගේ, රේඛිය නිෂ්පාදනය සුමුදු ගුරුගේ විසිනි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
