කමල් අද්දරආරච්චි පෙම්වතිය බලන්න යයි
හමුවීම් වෙන්වීම් අතර සදා නොබිඳෙන බැඳීම් සමඟ ගලා යන ජීවිතය.........
හැරගියත් මතකයන් තබා අප අතරමග
මා නොහැර ගිය ප්‍රියාදරයනි දයාබර
හදවතින් ළංවෙලා සිටින ඔබ සැනසුමකි මට
රමණීය මතකයන් සදා දුක් සුසුම් නොවීමට
කාලෙකට පසුව ගියා රමණි සැතපෙන බිමට
ඇගේ මවුතුමිය සහ සොයුරු මාක්
ඇතුළුව අනූ සමඟින් රෝස මල් තබා පහන් සිළුවක් දල්වන්නට.......
මේ සටහන තබලා තිබුණේ කමල් අද්දරආරච්චි එයාගෙ මුහුණු පොතේ.අවුරුදු 39 කට පස්සෙ එයා එයාගෙ අතීත පෙම්වතියක් වෙච්ච රමණී නිදන සොහොන් බිමට ගිහින් තිබුණෙ ඇයව බලන්න..... ඒ කමල්ගෙ බිරිඳ අනූ සහ රමණිගෙ අම්මත් එක්ක
තාමත් ශේෂ වූ ආදරණීයම මතකයක් හිතේ කොහේ හරි අස්සක තියෙනවා කියන සාක්ෂිය වෙනුවෙන් රෝස මල් සහ දල්වාලනු පිණිස පහනක් රැගෙන .....
රමණී බර්තොලමියුස් 1985 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss Universe තරගයට සහභාගි වුණා.1987 ජූනි 30 වැනිදා එයාට ජීවිතයට සමුදෙන්න සිදු වුණේ අනපේක්ෂිත අනතුරක් හේතුවෙන්.
රමණීගෙ මරණය පිටුපස කමල් ලොකු හේතුවක් වුණා...එහෙත් කාලයත් එක්ක ඒ හුගාක් සංසිද්ධින් අතීතය තමන්ගෙ තුරුලට අරගෙන........
ඉතින්
ආවොතින් යා යුතුය නොගොසින් යළි එන්නට
බැරිය.....
ලොව ඇත්තේ යාම් ඊම් පමණි.............
සියල්ල අවසන මෙසේ ලියා තබන්නට සිත් වෙයි........
මරණයට පුළුවන්ද ආදරය මරන්නට......


