කොල්ලෝ පිස්සු වට්ටන කෙල්ලන්ගේ තට්ට Trend එක

මෙච්චර කල් පිරිමි තට්ටවලට හුරු වෙච්ච අපේ ඇස්වලට දැන් ටිකෙන් ටික ගැහැණු තට්ටත් පේන්න තියෙනවා.ඒකත් වෙනම Trendඑකක්.
කාන්තා ලාලිත්‍යයි කේශකලාපයයි කියන්නේ ඒ කාලේ ඉඳලම සාහිත්‍ය කලාවේ කප් ගහපු CONCEPT එකක් උනත් අද වෙද්දී ඒක වෙනස් වෙලා.

බටහිර Trend එක
Amber Rose සහ Doja Cat වගේ බටහිර තරු, තට්ට විලාසිතාව තෝරාගැනීම නිසාම ලෝකය පුරා තට්ට පෙනුමට තියෙන කැමැත්ත, ආකර්ෂණය වැඩි වෙලා.
හිසකෙස් ගැලවී යාමේ ගැටලුවලට විසඳුම් විදියට තට්ටය තෝරාගැනීම ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ පිරිමි පාර්ශවයෙන්.Jason Statham, The Rock නැතිනම් Dwayne Jonson ඒකට හොඳම උදාහරණ.
ඇත්තටම හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න තියෙන කෙනෙකුට වඩා සරුසාර කොණ්ඩයක් තියෙන කෙනෙක් තට්ට විලාසිතාව තෝරාගන්නවා කියන්නේ එයාට මාරම Confidence එකක් තියෙන්න ඕන.
COVID වසංගත කාලයෙන් පස්සේ තමයි පිරිමි-ගැහැණු දෙපාර්ශවයම අතරේ තට්ට විලාසිතාව ප්‍රසිද්ධ වෙන්නේ.
කොහොම වුණත් තමන්ගේ Personality එක පෙන්නන්න පුළුවන් modern fashion එකක් විදියට තට්ටය සැලකෙනවා.

වැඩිපුරම SET වෙන්නේ කාටද?
තද ඇහිබැමක්, දිග ඇස් හා තියුණු දෙතොලක් තියෙන කාන්තා පාර්ශවයට තට්ට විලාසිතාව වැඩියෙන් ගැලපෙනවා.බෙල්ලටත් කන් වලටත් කැපිලා පෙනෙන ආභරණ භාවිතයෙන් පෙනුම තව තවත් වැඩි කරගන්න පුළුවන්.
තට්ට විලාසිතාවට කැමති ගොඩක් ගැහැණු පාර්ශවය බෙල්ල ප්‍රදේශයේ ටැටූ නිර්මාණ කරන්නත් පෙළඹිලා ඉන්නවා.කලා ක්ෂේත්රයේ නිරත ගැහැණු පිරිසට තමයි මේ විලාසිතාව වැඩියෙන් ගැලපෙන්නේ.සෝෂල් මීඩියා වල මේ දවස්වල තට්ට විලාසිතාව ගොඩක්ම Trending.
තට්ටේ බලාගන්න එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි..
Fashion එකක් වුණත් කෙස් නැති හිසක් නැත්තන් තට්ටයක් Maintain කරන එක නම් ටිකක් අමාරු වැඩක්.ඒකට ප්‍රධානම හේතුව තමයි තට්ට ඔළුව හිරු එළියෙන් පරිස්සම් කරගන්න වෙන එක.ඒ නිසා නියමිත උපදෙස් වලට අනුව ගැලපෙන ආලේපන,ක්‍රීම් වර්ග පාවිච්චි කරන එකත් හරිම වැදගත්.
ගැලපෙන ෂැම්පු වර්ගයක් ගාලා මද රස්නේ වතුරෙන් හැමදාම වගේ තට්ට ඔලුව සේදීමෙන් ලස්සන තට්ටයක් ලබාගන්න පුළුවන්.
වැවෙන කෙස් දවස් දෙක තුනකට සැරයක් එකපාර ඉවත් කරලා ග්ලිසරින් තියෙන ක්‍රීම් වර්ගයක් ආලේප කරලා,සතියකට සැරයක් තට්ටය හොදට මසාජ් කලොත් වැඩේ තවත් පහසු වෙනවා.
මේ හැමදෙයක්ම කරලා ගානට-මිම්මට තට්ට ඔලුවක් Maintain කරනවා කියන්නේ අනාගතේටත් වඩා පැහැදිලි තට්ටයක් ලබාගන්න එක සිම්පල් වැඩක්.
