ගම්පහ ඔස්මන්ඩ්ගේ පැටිකිරිය එළියට

  • 08-01-2026
  • Views 101


ගම්පහ ඔස්මන්ඩ් ගෙ සැබෑ ජීවන කතන්දරය අළලා නිර්මාණය කරන ලද Father  චිත්‍රපටයේ මංගල දර්ශනය  ජනවාරි 8 වැනිදා පැවැත්වෙන්නේ 2026  වසරේදී තිරගත වෙන දෙවැනි චිත්‍රපටය බවට පත්වෙමින්. චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ Father චිත්‍රපටයේ පූජන දන්දෙණිය ,දිල්හානි අශෝක මාලා , සරත් කොතලාවල ,චාන්දනී සෙනවිරත්න ,කෝරලගේ සමන් ,කණිෂ්ක සේවියර් ඇතුළු නළු නිළියන් 150 ක් පමණ තම රංගන දායකත්වය මුසු කර තියෙනවා.


එතරම් නළු නිළි කැළකගේ රංගන  දායකත්වයක් ලද සිංහල චිත්‍රපටයක් අප දන්නා මෑත ඉතිහාසයේ නිර්මාණය වී නැති අතර  මෙතෙක් ලාංකික සිනමා වංශ කතාවේ වැඩිම නිෂ්පාදන වියදමක් දැරූ ලාංකික චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක්වීමට නියමිත රාවණා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන ව්‍යාපාරික ශාන්ත ගීතදේව Father චිත්‍රපයයේද නිෂ්පාදකවරයා වෙනවා.
Father චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වූ ඔස්මන්ඩ් ගේ චරිතයේ තරුණ කාලය නිසැකයෙන්ම සම්මානනීය විය යුතු රංග විද්‍යාවක සිට නිරූපණය කරන්නේ පූජන දන්දෙණියයි. ඔස්මන්ඩ් ගේ වැඩිහිටි වියට රංගනය තුළ හුස්මක් දෙනු ලබන්නේ සෞම්‍ය ලියනගේ විසින්. Father චිත්‍රපටය තිරගත වීමෙන් පසු මාධ්‍යවේදීන් සෘජු සහ වක්‍ර මාර්ග ඔස්සේ සැබෑ ඔස්මන්ඩ්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබා ගැනීමට ඉල්ලීම් කළත් ඒ එකම  ඉල්ලීමකටවත් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව තමයි ආරංචිය