ගයාත්‍රි ඩයස් නැවතත් මනාලියක් වෙයි

  • 23-07-2021
  • Views 315

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රි ඩයස් මේ දිනවල විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය තුළින් දැකගන්න ලැබෙනවා. ඒ වගේම ගයාත්‍රි රූපලාවණ්‍ය ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙසත් ක්ෂේත්‍රයේ දක්නට ලැබෙනවා. කෝවිඩ් තත්ත්වය නිසා ඇගේ රූපලාවණ්‍ය ආයතනයේ වැඩ කටයුතු සිදුවන්නේද ඉතා සෙමෙන් බවයි පසුගිය දිනෙක ඇය මාධ්‍ය වෙත පවසා තිබුණේ. ඒ වගේම ගයාත්‍රි සහ චන්න කාලයක් ඈත්ව හිටියත් මේ වෙද්දි ඔවුන් නැවතත් එකතු වී ඇති බවට රාවයක්ද පැතිරෙනවා. කෙසේවෙතත් මේ කියන්න යන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ දෙයක් ගැන නම් නෙමෙයි.

පසුගිය දවසක ගයාත්‍රි උඩරට මනාලියක් ලෙස හැඩ වී සිටියා. ඒ ඡායාරූප දැක්මකට. එදා වගේම ගයාත්‍රිගේ රූමත්කම මේ ඡායාරූපවලත් නොඅඩුව දකින්න ලැබෙනවා.
 
හැමෝගේම ආදරය දිනාගත් ගයාත්‍රිගේ එම ඡායාරූප පහතින් නරඹන්න