ජනප්‍රිය නිළි නිලූෂි පවන්‍යා තාත්තාගේ උපන්දිනයට ලියපු ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රය හරහා කලාවට පා තැබූ රංගන තාරකාවක් හැටියට නිලූෂි පවන්‍යාව හඳුන්වන්න පුළුවන්. හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ වින්ඩිගේ චරිතයට පණ පොවන්නේද ඇයයි. පසුගියදා ඇගේ පියාගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් ඇගේ පියාට සුබපතා නිලූෂි අපූරු සටහනකුත් තාත්තා සමඟ ගත් ඡායාරූප කීපයක් එක්ක පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප.

"Happy birthday thaththaa.

එයාගේ තරුණ කාලේ photo එකක් දැක්කා නම් ,නලුවෙක් වගෙ ලස්සනයි...මතකයි මං පොඩි කාලේ කියනවා...ඔව් ඇත්තටම ලස්සනයි ...අද ඉතින් එයාගේ උපන් දිනේ...කියන දේ නම් අහන්නේ නෑ පොඩ්ඩක්වත් හැබැයි මං දක්ක අව්‍යාජ මිනිසෙක්..ඒ තරම හොද හිතක් තියෙනවා....

තාත්තාව කියද්දි හැමෝම කියන්නේ අර රතු උස කෙනා නේද කියලා (එතකොට ඉතින් මං ආසයි) දන්නේ නැති කෙනෙක් හම්බුනාම උනත් අත වනලා හිනා වෙලා යන පුරුද්ද මං දැක්කේ ඉස්සර මාව බයිසකලේ ඉස්සරහින් වාඩි කරන් යද්දි...
අදටත් ඒකේ වෙනසක් නෑ....ඒ තමයි මගෙ තාත්තා.....ආදරෙයි ......ඔයාට සුභම සුභ උපන් දිනයක් තාත්තා....
තෙරුවන් සරණින් ඔයාගේ හැම ලෙඩක් දුකක්ම නැති වෙලා...හොදින් සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනේ..."