ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් සිය බිරිඳ වෙනුවෙන් මුම්බායි හි වර්ලි ප්‍රදේශයේ මුහුඳ වෙරළට මුහුණ පා ඇති මහල් නිවාස සංකිර්ණයකින් අති සුඛෝපභෝගි නිවසක් මිළඳි ගෙන ඇතැයි වාර්තා වෙයි. වර්ග අඩි 5,395ක ප්‍රදේශයක් සහිත මෙම සුඛෝපභෝගී මහල් නිවාසයේ වාහන නැවැත්වීමේ ස්ථාන තුනක් ඇතුළත්ව තිබෙන අතර රුපියල් කෝටි 58.66 ක දේපළ ගනුදෙනුව මැයි 24 වන දින ලියාපදිංචි කළ බවට තොරතුරු පළ වෙයි.
ෂාහිඩ් සහ මීරා කපූර් දෙදෙනාට මෙම දේපල ලියපදිංචි කිරීම සඳහා රුපියල් කෝටි 1.75ක මුද්දර ගාස්තුවක් රජයට ගෙවා ඇති බවද වාර්තා වේ. ෂාහිඩ්ගේ නමට මෙම නිවසද ඇතුළු තවත් නිවාස තුනක් හිමිව තිබෙන අතර, ඒ නිවාස දෙකම ෂාහිඩ් හා සිය දරුවන් දෙදෙනාගේ නමින් ලියපදිංචි කර ඇති බව සඳහන් වෙයි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
