දිනිති වල්ගමගේ පුංචි කාලේ මතක ගැන කියයි

  • 17-05-2023
  • Views 263

අපේ ජනප්‍රියම කලා තරු යුවල අතර සංගීත් සතරසිංහට සහ දිනිති වල්ගමට හිමි වෙන්නේ විශේෂ තැනක්. ඔවුන්ගේ ආදරේ ගැන සමාජ ජාලාවල නම් නිතරම කතා කරනවා. දිනිති වල්ගමගේ මෑතකදී ඔවුන්ගේ යූටියුබ් නාළිකාවේ එක් වීඩියෝවක ඇගේ අතීත මතකයන් සිහිපත් කළා.

ඒ අතරින් දිනිති ඇගේ කුඩා කාලේ මතකයන් සිහිපත් කළේ මෙන්න මෙහෙමයි.

"මම මාස නවයෙන් කතන්දර කියන්න පටන් අරගෙන තියෙන්නේ... අපේ පැත්තේ ඉන්නවා ජේම්ස් ආතා කියලා කණ ඇහෙන්නේ නැති මනුස්සයෙක්. මම හරියට කතා කරන කෙනෙක් නිසා අපේ ගෙදර අය ඒ ආතාව ගෙනල්ලා තියනවාලු මං එක්ක කතා කර කර ඉන්න කියලා. ඒ මනුස්සයාට ඇහෙන්නේ නෑ ඉතින්. මම එකක් කියනවා එයා තව එකක් කියනවා. කිසිම අදාලත්වයක් නැහැ ඔහේ දෙන්නත් එක්ක කතා කරනවාලු...."