
සාරවිට අපේ හෘදයාංගම ශෝකය !
වේදිකාව, ටෙලිනාට්‍ය ,සිනමාව යන සියලු කලා ශානරයන්හි මතක සමුදායක් සනිටුහන් කළ ප්‍රවීණ රංගවේදී නලින් ප්‍රදීප් උඩුවෙල මේ මොහොත වෙද්දි තම දිවිසැරිය නිමා කර හමාරයි.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නලින් ජීවිතයෙන් සමුගනිද්දි ඔහු ගෙවමින් සිටියේ ඔහුගේ ජීවිතයේ 56 වැනි අවුරුද්දයි.
1969 මාර්තු 20 මාතලේදී උපන් නලින් 1998 දී රංගනයට අවතීර්ණ වූයේ ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ජුලියට්ගේ භූමිකාවෙනි.ඉනික්බිති අස්වැසුම ( 2002), ආසයි මං පියාඹන්න (2007) , තාරුකා මල් (2007), පරාවර්තන (2014) යන නිර්මාණ ඔස්සේ තම රංගන කෞෂල්‍යය විදාහල නලින් ජූරිය ,කැලණි පාලම ,මේඝ, මෝදර මෝල ,මී හරක් ,සෙවණැලි ඇද මිනිස්සු ,සුද්දෙක් ඔබ අමතයි , හුණුවටයේ කතාව (නව ) වැනි නිර්මාණ ඔස්සේද ප්‍රේක්ෂක හදවතිහි ලැගුම් ගත්තේ ටෙලිනාට්‍ය හතළිස් පහකට වැඩි සංඛ්‍යාවකට තම රංගන දායකත්වය මුසු කරමිනි. ඉන් පසු කලෙක ඔහු දේශපාලනයට පිවිසුනත් අදටත් කලාව තුළ ඔහු ශේෂ කර ගිය මතක සමුදාය සදා සොඳුරු ය.
නලින් ප්‍රදීප් උඩුවෙල කලාකරුවාණෙනි ....ඉතින් ඔබට සුබ ගමන්...ඔබ පැතු ජීවිතයක් වෙත්නම් සංසාරය සරා ඒ ජීවිතයම ඔබට මුණගැසේවා
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
