පාලකයෝ සුරසැප විදිනවා. ජනතාව පාරවල් වල හිගාකනවා. හිමයා සැර ප්‍රකාශයක්

  • 03-11-2021
  • Views 162

හිමයා බණ්ඩාර කියන්නේ තාරුණ්‍ය නිඉයෝජනය කරන ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. දෙවනි ඉනිමෙන් හැමෝම වගේ හදුනා ගත්ත සොනාලි ටීචර් තමයි ඇය .හිමායා කියනවට වඩා සොනාලි කියන නමින් තමයි ඇයව හැමෝම වගේ හදුනාගන්නේ.ඇය වැඩිපුරම දැකගන්න ලැබුනේ ගුරුවරියගේ චරිතය හරහා. තමයි. ඉතින් ඒ චරිත හරහාම ඇය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නට සමත් වුනා. මේ වෙද්දී ලංකාවේ ජනප්‍රියම තලයේ ඉන්න නිලියක් තමයි ඇය.

නමුත් වර්තමනයේ ඇය නව නිරමාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නැහැ. ඇය කාලයක් අම්ල පිත්ත රෝගයෙන් පිඩා විදිමින් සිටිය බවත් ඒ සදහා ප්‍රතිකාර කර බවත් කියා සිටියා. ඒ නිසා කලා නිරමාණ වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ඇයට නොලැබුණා. ඒ වගේම ඇය වර්තමානයේ රටේ පවතින තත්වය නිසා ඉතාමත් පරිස්සමෙන් සිටින බවත් කියා සිටියා.


ඇය සමාජ මධ්‍යයේ සිටින සක්‍රිය චරිතයක්. බොහෝ දේවල් ඇය මුහුණු පොත හරහා බෙදා ගනු ලබනවා. මෑතකදී ඇය එක්කල සටහනක් පිලිබදව හැමෝගෙම අවධානය යොමු වුනා. මේ ගෙවෙන්නේ හැමෝටම අමාරු කාලයක්. රටේ තියෙන තත්වයත් මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සු හරි අමාරුවෙන් එක වේලක් හරි කළා ඉන්නේ. එහෙම පාරේ කන්න දෙයක් හොයපු අහිංසක තාත්තා කෙනෙකු ගැන ඇය සංවේදී සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්.

ඇත්තටම ලංකවේ මිනිස්සු කොච්චර පවුද. කන්න නෑ ගෙයක් ගෙයක් ගානේ ගිහින් හිගා කනවා. මේ මාමා පාරේ කියවනවා ඇහිලා මම බැලුවේ. සල්ලි එපා දුවගේ ළමයි දෙන්නට කන්න හාල් පොල් ටිකක් දෙන්න කිවුවා. මට දෙන්න ගෙදර පොල් නම් තිබුනේ නෑ ඉවර වෙලා. වැඩේ කියන්නේ පර්ස් එකේ සල්ලි තිබුනෙත් නෑ. මම ඒ මාමාට කතාකරලා කිවුවා පොඩ්ඩක් ඉන්න හාල් දෙන්නම් කියලා. ගෙට දුවලා හාල් ළුණු අල ටිකක් දාලා දුන්නා.කියක් හරි දෙන්න නැති එක දුකක් නිසා කැටේට ඇනලා රුපියල් 300ක් දුන්නා. වෙලාවේ හැටියට ඇතිනේ. ඒ මාමා කිවුවේ සල්ලි වලට පරිප්පු ටිකකුයි තෙලුයි ගන්නවා කියලා.ඇත්ත හෝ බොරු මගේ පුළුවන් ප්‍රමාණය මම කළා. ලංකාවේ පාලකයෝ සුරසැප විදිද්දී ලංකාවේ ඡන්ද දායකයෝ පාරවල් වල හිගාකනවා. ඒක තමයි ඇත්ත. හෙට ඔබ සහ මම විය හැකියි.