පළමු වතාවට ලංකාවෙ චිත්‍රපටයක් ඉන්දියාවෙන් ප්‍රදර්ශනයට ඉල්ලනවා...

"මේක උඹලගෙ රටට අයිති එකක් නෙවෙයි. ලෝකෙට අයිති එකක් "
![]() |
|
අධ්‍යක්ෂ - අනූෂ සංජීව එදිරිමුණි
|
අපේ චිත්‍රපටයක් ගැන ඉන්දියාවෙ සිනමා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් එහෙම කීවම කොහොමද එන ගැම්ම....ඒක එහෙමයි ආ.........
පළමු වතාවට ලංකාවෙ චිත්‍රපටයක් ඉන්දියාවෙන් ප්‍රදර්ශනයට ඉල්ලනවා...
නොවැම්බරයේ ඉඳන් ඉන්දියාවෙ සිනමා හල් 45 ක Mother Lanka film එක ප්‍රදර්ශනයට සූදානම්..
එතකොට Mother Lanka කියන්නෙ ජාත්‍යන්තරයේ ඒ විදිහට ප්‍රදර්ශනය වෙන ලංකාවෙ පළමුවැනි චිත්‍රපටය..........මේ කතා ඇහෙද්දී ......
Wow...කියලා හිතෙන්නෙ ඒ චිත්‍රපටය මාත් බලපු හින්දා.චිත්‍රපටය බලලා මම ධනංජය සිරිවර්ධනට කීවෙ ඔයා නළුවෙක් කියලා මට පළවෙනි වතාවට දැනුණෙ අද කියලා .ධනංජය තමයි සත්‍යා කියන Trans Gender character එකට අමුතුම හුස්මක් දෙන්නෙ...එයාට පුළුවන් වෙනවා තමන්ගෙ ලේ කිරි කරලා පොවන්න බැරි වුණාට ,මගේම කියලා අයිතියක් කියන්න බැරිවුණාට හදවතින්ම මගේම කරගත්ත දරුවෙක් වෙනුවෙන් ජීවිතයම දියකරන්න.....අහන්න ඇත්තටම Mother Lanka කියන්නෙ හුස්මක් වැටෙන හදවතක් තියෙන කාගෙ වුණත් ජීවිතය ලේ වලින් පහුරු ගාන ආදරය ගැන අමුතු කතාවක්....
අනූෂ සංජීව එදිරිමුණිට Mother Lanka අධ්‍යක්ෂවරයාට මම Saaravita ට එන්න කීවෙ එයා Mother Lanka අරගෙන ඉන්දියාවෙ යන්න ලෑස්ති වෙද්දි
සංජීව ලංකාවෙ Mother Lanka දැන් ඉන්දියාවෙත් Mother Lanka වෙන්න යන්නෙ ?
දවල් හීනයක් වගේ....film එක කරද්දිවත් එච්චර ලොකු හීනයක් දකින්න මම බය වුණා. දැන් ඉන්දියාවට යන්න ලෑස්ති වෙනවා අපේ Mother Lanka ..
කොහොමද ඒ අවස්ථාව ලැබුණෙ ?
ලංකාවෙ දමිළ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න ඕනෑ නිසා අපි film එක හඬ කවන්න බාර දුන්නෙ ඉන්දියාවෙ ආයතනයකට .අපේ විධායක නිෂ්පාදක .චන්ද්‍රන් රත්නම් ඒ හැමතැනකදිම අපි එක්ක හිටියා . ඉන්දියාවෙ ඉන්න චන්ද්‍රන් රත්නම්ගෙ සිනමා ක්ෂේත්‍රයේ ඉන්න යාළුවෙක් Mother Lanka බලලා කීවා " මේක උඹලගෙ රටට අයිති එකක් විතරක් නෙවෙයි .ලෝකෙට අයිති එකක් " කියලා.එයා මංගල දර්ශනයටත් ආවා. ඇත්තටම චන්ද්‍රන් රත්නම් සහ එතුමගෙ මිතුරා හරහා තමයි අපිට මේ chance එක ලැබුණේ.. මට අපේ නිෂ්පාදක ඉශාන් පෙරේරා ට , අවුරුදු දෙකක් film එකේ පිටපත ලියුව මගේ බිරිඳ ක්‍රිෂාන්ති කුලසූරියට ,අසීමිත කැපකිරීමක් සත්‍යා චරිතය වෙනුවෙන් කරපු ධනංජය සිරිවර්ධන ට,තරින්දි ප්‍රනාන්දු ඇතුළු , අපේ Makeup artist , DOP ඇතුළු මුළු crew එකටම මේක මාර සතුටක්...වචන නෑ කියන්න...ආදරෙයි ස්තූතියි ප්‍රේක්ෂකයන් ඇතුළු හැමදෙනාටම
කවද්ද ඉන්දියාවත් එක්ක ගිවිසුම ගහන්නෙ ?
ලබන සතියේ ගිවිසුම ගහනවා.ඉන්දියාවෙ සමාගම් හතරක් චිත්‍රපටය ඉල්ලලා තියෙනවා.අපිට වැඩිම ප්‍රතිලාභයක් හම්බවෙන හොඳම සමාගමට අපි චිත්‍රපටය දෙනවා.නොවැම්බර් ඉඳන් ඉන්දියාවෙ සිනමාහල් 45 ක ච්ත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම්











