මෝඩ තරිඳු -’’මෝඩයාගේ ’’ හිම බලන්න ගමම ඇවිත්

  • 31-10-2025
  • Views 77

මෝඩ තරිඳු film  පොඩ්ඩ  හිටු කියලා හිට් වෙලා සට සට ගාලා house full වෙද්දි ....මෙහෙ විතරක් නෙවෙයි බොලව් රට රටවලත් මෝඩ තරිඳු කප් ගහද්දි ඒ මෝඩයට ඇන්ද නළු පොඩ්ඩට කතා කරන්න අපිට හිතුණා.ඇත්තටම Man හරිම නිරහංකාර ඩයල් එකක්........ලොකු සීන් ඉල්ලෙ....

ඉතින් සූර්යා දයාරුවන් හෙවත් මෝඩ තරිඳු -මෝඩයා  වග තුග අහද්දී එයාගෙ දුප්පත් අතීතය වචන කළේ මේ විදිහට.

"වෙදකමට සහ ගොවිකමට අමතරව මගේ තාත්තා හේවිසි ගැහුවා.හේවිසි ගහද්දි බිම එලන රෙද්දට වැටෙන කාසි වලින් තමයි තාත්තා  ඒ කාලේ අපි  හය දෙනෙක්ගෙ බඩගින්න නිව්වේ .මොකද වැහි  කාලෙට සමහරවිට කුඹුරු අස්වනු පාඩු වෙලා යන අවස්ථා තියෙනවා.තාත්තා වෙදකම කළේ පිනට මිසක් සල්ලි උපයන්න නෙවෙයි. පත්තරේක මගේ පළවෙනි ආටිකල් එක ගිය දවසේ තාත්තා පත්තරේ අරගෙන ගම වටේටම ගිහිල්ලා මිනිස්සුන්ට පෙන්නලා මේ මගේ පුතා පත්තරේ ඉන්නවා කියලා.   මගේ ගම පොළොන්නරුවේ ඈත දුෂ්කර ගම්මානයක් අදටත් ඒ ගමට හරියට ෆෝන් සිග්නල් නෑ .මම ඉගෙන ගන්න වැඩවලටයි කලා කටයුතුවලටයි දාසය පාරක් විතර පිටරටවල්වල ගිහින් තියෙනවා. මම ඉගෙන ගත්තෙ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ.එකපාරක් මම සිට්සර්ලන්තයට ගිහින් අම්මට හිම  පෙන්නන්න ඕන හින්දා වීඩියෝ කෝල් එකක් ගත්තා.සිග්නල් නැති හින්දා අම්මා ෆෝන් එකත් අරගෙන පාරට ඇවිත් කතා කරේ.බලද්දි අම්මගෙ පිටිපස්සෙන් ගමේ මිනිස්සු බාගයක්  විතර ඉන්නවා මාව බලන්න ඇවිත්.අනේ පුතේ අපි කවදාවත් හිම දැකලා නෑනේ පුතා තමයි අපේ ගමෙන් ඔහොම පිටරටකට ගියේ කියලා ඒ මගේ ගමේ නැන්දල මාමලා මට බුදු සරණයි පුතේ කිය  කියා ආශිර්වාද කළා.අදටත් මම ගමේ ගියහම ඒ අය මාව බලන්න එනවා. එහෙම ගමක ඉපදිච්ච මම අද මේ වගේ තැනක ඉන්න එක මට දැනෙන්නෙ ලොකු දෙයක් මම දිනා ගත්ත වගේ හැඟීමක්. ඒ ආදරය හිතවත්කම් හරිම අව්‍යාජයි.මෝඩ තරිඳුටත් පුදුම ප්‍රතිචාරයක් මේ දවස්වල මට ලැබෙන්නේ.ආදරෙයි ඔක්කොටම කියලා තමයි කියන්න තියෙන්නේ."

මුල අමතක කරලා පොළොවෙ ඉඳන් අහසට පයින් ගහන්න හදන මිනිස්සු අතරෙ සූර්යා ඔයා එකෙන්ම Respect  ආ.....