මෙම ජයග්‍රහණය මට ලැබුණේ තරගය සඳහා බය නැතුව හොදින් මුහුණ දීපු නිසා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණයටවගේම රංගනයටත් එක ලෙස දක්ෂතා දක්වන නවීන් ඉදිරියේදී එම ක්ෂේත්‍ර දෙකෙන්ම ඉදිරියට යෑමට බලාපොරොත්තු වන ශිල්පියෙක්. මැලේසියාවේ පැවති I am model Search International World 2024 තරගයේ බලාපොරොත්තු තබා ගත හැකි නිරූපණ ශිල්පියාට හිමි සම්මානය දිනාගත් නවීන් සමග කතාබහකට සාරවිට අපි කැඳවා ගෙන ආවා.

නවීන් ගැන හැඳින්වීමක් කරොත්?

මගේ නම නවීන් ගුණසේකර. මගේ වයස අවුරුදු 29යි. මම පදිංචි වෙලා ඉන්නේ පිලියන්දල ප්‍රදේශයේ. මම මූලික් අධ්‍යාපනය ලැබුවේ මහරගම ජනාධිපති විද්‍යාලයෙන්. උසස් පෙල අධ්‍යනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්.

නිරූපණ ක්ෂේත්‍රයේ ආගමනය ගැන කතා කලොත්?

පාසැල් කාලයේ සිටම රංගනයට සහ නර්තණයට කැමැත්තක් තිබුනා. මම මුලින්ම නිරූපණ ශීල්පියෙක් වශයෙන් මගේ ගමන් මග ආරම්භ කලේ. ඒ සදහා මූලික හැදෑරීමක උවමනාවක් තිබුන නිසා රොසෑන් ඩයස් මහත්මිය යටතේ මම නිරූපනය හැදෑරීමක් කලා. ඒ තුලින් මම මගේ නිරූපණ ගමන මම ආරම්බ කලා.

ඔබ ජාත්‍යන්තර තරඟයක් ජයග්‍රහනය කලා නේද?

I am model Search International  world2024 තරගය මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ රටවල් රාශියක් සමග පැවැත් උනා. එම තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට මම පසුගිය 10 වැනිදා මැලේසියාවට පිටත්ව ගියා. එම තරගයේ අවසාන තරගය 13 වැනිදා පැවැත්වුනු අතර එහි බලාපොරොත්තු තබා ගත හැකි නිරූපන ශිල්පියා හෙවත් The Most Promising Model  ජයග්‍රහණය කිරීමට මට පුලුවන් උනා.

එම සම්මානය ඔබට ලැබීමට හේතු විදියට ඔබ දකින්නේ කුමක්ද?

මෙම ජයග්‍රහණය මට ලැබුණේ තරගය සඳහා බය නැතුව හොදින් මුහුණ දීපු නිසා කියලා මම හිතනවා. ඒ  වගේම පසුගිය 13 වැනිදා දක්වා පැවැති විවිධ අනු තරගවට වලට හොදින් මුහුන දීමට මට හැකි උනා.  ඒ වගේම අවසන් මහා තරගයේ දක්වපු දක්ෂතා නිසා මට  The Most Promising Model  සම්මානය දිනාගන්න පුලුවන් උනා.

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය පිලිබද ඔබේ අදහස?

වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් බිහිවී තිබෙනවා. නමුත් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීම විතරක් නෙමෙයි ඒ පිළිබද පුළුල් දැනුමක් අනිවාර්යෙන් තිබිය යුතුයි කියලයි මම හිතන්නේ. නමුත් වර්තමානයේ මෙම ක්ෂේත්‍රය තුල තරඟයක් තියනවා කියලා මම හිතනවා. කොහොම නමුත් මගේ අදහස නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීම විතරක් නෙමෙයි ඒ පිළිබද හොද දැනුමක් තිබිය යුතුයි කියලයි මම හිතන්නේ.

මේ දිනවල රංගනයෙන්ත් දායක වෙනවා නේද?

ඔව් සියත ටීවි නාලිකාවේ විකාශනය වීමට නියමිත සංසාරේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වීමට ආරාධනාවක් ලැබුනා. ඒ සඳහා මට ආරාධනා කලේ නිපුණ මහර්ෂි මහතා. එතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා එම අවස්ථාව මට ලබාදීම පිළිබඳව. ඒ වගේම මට තව චිත්‍ර පටයකටද මේ වනවිට ආරාධනාවක් ලැබිලා තියෙනවා.

ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න අත දුන්න අය ගැන මතක් කලොත්

මම මුලින්ම ස්තුතිවන්ත වනවා මගේ ගුරුතුමිය වන රොසෑන්  ඩයස් මහත්මයට. ඇයගෙන් ලැබුණු දැනුම ඇත්තටම මට මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න ගොඩක් උපකාර වුණා. ඒ වගෙම Im Model Search International world  2024, තරගය සඳහා යාමට අත හිත දුන් පුබුදු ටේලර්ස් හී අධිපති , සුජීව දර්ශන මහතාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ තරගයේ මුලසිට අවසානය දක්වා මා හට අවශ්‍ය කරන ඇදුම් පැළඳුම් සියල්ලම කිසිම පැකිලීමකින් තොරව ලබා දුන්නා. ඒ වගේම ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පී සුනෙත් දුෂාන්ත මහතාටත්, National Costume  සකසා සහය දැක්වූ චිරන්ත පියුමාල් මහතාටත් තවද නුගේගොඩ  සැසිප් ආයතනයේ අධිපති අමිත් පුස්සැල්ල මහතාටත්,  මගේ පවුලේ අයටත්, ඒවගේම මගේ පසු පසුන් සිටි සියලුම මිතුරන්ටත්  ස්තූතිවන්ත  වෙනවා. මීට අමතරම නම් ගම් සදහන් කරන්න බැරි වුන අයෙක් සිටීද ඒ අයටත් ස්තූතිවන්ත වන අතර මේ සියලු දෙනාගේ උදව් උපකාර මට නිරන්තරයෙන් ලැබුණා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

ඇත්ත වශයෙන්ම මාගේ අනාගත බලාපොරොත්තුව තමයි නිරූපණ ක්ෂේත්‍රයේ තව තවත් ඉදිරියට යාම සහ රංගන කටයුතුවලට පිවිසීම.

සටහන - සුපුන් උදයංග