
ආවොතින් යා යුතුය
නොගොසින් යළි එන්නට බැරිය
ලොව ඇත්තේ යාම් -ඊම් පමණි
කොහොමද ඒ සනාතන ධර්මයට අවසඟව යන්නෙ......
ඒ නිසා එයත් යන්නම ගිහින්...
බ්‍රිතාන්‍යයේ 'මර්ලින්' (Merlin) රූපවාහිනී කතා මාලාව කියන්නෙ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ කතා මාලාවක්.
එහි ආතර් කුමරුගේ පියා වූ 'ඌතර් පෙන්ඩ්‍රැගන්' රජුගේ චරිතයට පණ පෙවූයේ ප්‍රවීණ නළු ඇන්තනී හෙඩ් (Anthony Head) .
ඉතින් ඒ ආදරණීය හෙඩ් ජීවිතයෙන් සමු අරන්.ඒ ජීවන පුස්තකයේ 72 වැනි පරිච්ඡේදය කියවමින් සිටියදී.හෙඩ් කියන්නෙ දුවලා දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්.
ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තෙ මර්ලින් කතා මාලාව ඔස්සෙ විතරක් නෙවෙයි .
' 'Buffy the Vampire Slayer', 'Ted Lasso' සහ 'Little Britain' ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධියට පත් ටෙලි නාට්‍ය රැසක් ඔහුගේ රංග ප්‍රතිභාව ලෝකයටම අරන් ගියා.
1990 දශකයේ අගභාගයේ විකාශය වූ 'බෆී' (Buffy) කතා මාලාවේ 'රූපට් ජයිල්ස්' ලෙස කළ රංගනය ඒ අතර විශේෂ වෙන්නෙ ඒ ඔස්සේ ඔහු දිනාගත් ජාත්‍යන්තර කීර්තිය නිසා.
ඉතින් හෙඩ් සංසාර චාරිකාවේදිත් රංගනය අත් නොහරිනු මැන
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
