මං වගේ එකෙක් ජීවත් වෙන්න ඕනිද ?” - දර්ශන් තවරාජා මෙතෙක් නොකියූ සංවේදී කතාව

  • 15-01-2023
  • Views 317

දර්ශන් තවරාජ් නිරූපණයෙන්, රංගනයෙන් තරුණියන් වසඟයට ගත්ත ආදරණීය චරිතයක්. උපතින් දමිළ ජාතිකයෙක් වුණත්, ඔහුගේ කඩවසම් පෙනුම නිසා බොහෝම කෙටි කාලයකින් ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙම වැජඹෙන්න ගන්නවා. මෑතක නිකුත් වුණු ආශා එදිරිසිංහගේ අලුත් ම ගීතයෙත් ඉන්නෙ දර්ශන්ම යි.

මේ තියෙන්නෙ දර්ශන් වැඩසටහනක දී ඔහු ගැන කියපු වෙනස්ම කතාවක්.

"මට ඉන්දියාවේ සම්බන්ධයක් නෑ.. අම්මා තාත්තා දෙන්නම ලංකාවේ. අම්මා කලම්බෝ.. තාත්තා ජැෆ්නා. තාත්තා ඇවිල්ලා පොඩි කාලේ මම දන්න විදිහට කළේ අම්මා එක්ක රංඩු කරපු එක. මට අවුරුදු 4දී අම්මයි තාත්තායි වෙන්වුණා. පස්සෙ මම තාත්තා ව දැක්කෙ නෑ.. අවුරුදු 24කට පස්සෙ තාත්තාව මුලින්ම හම්බුණේ ගිය මාසේ.. මම හරියට දන් නෑ එයා ඉන්න තැනක්වත්.. හරියට නිවුස් එකක්වත් නෑ. තාත්තා නෑදෑයෝ එක්කත් කතා කරන්නෙ නැල්ලූ. මට හම්බුණෙත් අහම්බෙන්. එයා එක තැනක ඉන්නෙ නෑ. එයා ජොබ් කරන ප්ලෙස් එකේ නැත්තම් යාලුවෝ එක්ක... මුලින්ම වට්ස්ඇප් වලින් එයාගේ ෆොටෝ දැක්කා. ඒක දැක්කම මමයි අක්කයි ගොඩක් ඇඬුවා. පොඩි කාලේ අම්මා එක්ක රංඩු කරද්දි මම බෝතලේ කඩලා අම්මා අතට දීලා කිව්වලූ 'ආ මොනා හරි කරන්න' කියලා. මට අවුල මෙච්චර කල් එයාව බලාගන්න බැරිවුණාට. දැන් මම එයාව බලාගන්නවා. මම වීක්ලි නිගම්බෝ ගිහින් එනවා. මට එයාව බලනකන් ඒක එච්චරම දැණුනේ නෑ. මම මගෙන්ම ඇහුවා මං වගේ එකෙක් ජීවත් වෙන්න ඕනිද කියලා. මොකද තාත්තා එක්ක බැලුවොත් අපි හොඳින් හිටියා. ඒත් තාත්තා දැක්කම හිතපු දේ වෙනස් වුණා. තාත්තා මං වගේ මයි. රූපේ පවා.. අම්මා පොඩි කාලේ ඉඳන් ම කියනවා මං වගේ කියලා. එයාටත් ජිම් පිස්සුවක් තිබ්බලූ, මං වගේම කඩවසම්... ඒ නිසාමත් ප්‍රශ්න වුණාලූ.."