රුසියාවේ පොතකට ගිය අපේ ලංකාව

  • 06-11-2026

ඉන්කමාල් අපායි සිය පන්තියේ ළමයින්ට උගන්වමින් සිටියේ ශ්‍රී ලංකාව ගැනය. ගෙදර දී ගොතන ලද දළ ලොම් සළුවක් පොරවාගෙන සිටියද ගුරුවරිය සීතලේ ගැහෙන්නට වූවාය. මහද්වීපය නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් ලෙසින් ශ්‍රී ලංකාව සිතියම මත සිත්තම් වී ඇත.

ළමයි සිය ගුරුවරියට සවන් දී ගත් වනම සිටියහ. ශ්‍රී ලංකාවේ නොයෙක් අපූරු දේ ඇත. වඳුරන්, අලි ඇත්තු, කෙසෙල්, මුළු ලොවෙහිම ඇති හොඳම තේ එතනින් ගියාම, නන් විද පලතුරු ගස්වැල් එහි ඇති දේවල් නිමක් නැත්තේය. එහෙත් වැදගත්ම දෙය නම් ශ්‍රී ලංකාව උණුසුම් රටක් වීමය.

කෙතරම් උණුසුම්ද කිවතොත් මුළු වසර පුරාම කිසිම දිනක සීතලේ ගැහෙන්නේ නැතිව ජීවත් විය හැක්කේය. හිම සපත්තු, හිම වැසුම්, උණුසුම් පාවහන්, හිම කබා, මේ කිසිවක් අවශ්‍ය වන්නේ නැත. උණුසුම ලබනු සඳහා දරද අවශ්‍ය වන්නේ නැත. මොන තරම් ප්‍රීතිමත් අපූරු ජීවිතයක්ද? ඕනෑම තැනක කැමැති විදිහට ඇවිදින්න. සක්මන් කරන්න. හිරු රැසින් නැහැවෙන්න.

උණුසුම වැඩි නම් හෙවණකට ගොස් දාහය නිවාගන්න. ශ්‍රී ලංකාවේ දහවලත් රැයත් එක සේ උණුසුම්ය. මුළු වසර පුරාම ඇත්තේ ඒ අතිසුන්දර ගිම්හානයයි. ශ්‍රී ලංකාවේ නැත්තේ මොනවාද? ඔබට සිතින් සිතා ගත හැකි සෑම ආශ්චර්යයක්ම එහි ඇත්තේය.

සෝවියට් ලේඛක චිංගීස් ආයිත්මාතව් විසින් රචිත වේලාසන කොක්කු ඇවිත්  නමින් සිංහලයට පරිවර්තනය කළ කෘතියෙන් තමයි මේ ටික උපුටා ගත්තෙ

ලංකාව ගැන රුසියානු ලේඛකයෙක් එහෙම කියද්දී ඒක අමුතුම ගැම්මක් නේද සහෝ