ලකා -යකා සම්මාන ගත්තට ආය රඟපාන්නෙ නෑ ලූ........

  • 05-11-2025
  • Views 57

 


හීන නැති මිනිස්සු ලෝකේ ඉන්නවද  ?ඔයාට හිතෙන්නේ මොකක්ද......මට නම් හිතෙන්නේ එකම එක හීනයක් හරි මේ ලෝකෙට එන හැම මිනිහෙකුටම තියෙනවා.....ඒත් ඒ හැම හීනයක්ම හීන වලින් ඇහැරවන්න හැම කෙනෙකුටම බෑ....



ලකා යකා කියලා  හිතෙන්නෙ අන්න ඒ වෙලාවට. වාලම්පුරි Movie  එකත් එක්ක ලකා ගැහුවෙ පට්ට ගේමක්.අන්න ඒ ලකා ට නැත්නම් වාලම්පුරිය  සිංහල සිනමාවට තෑගි කළ ලක්මාල් ධර්මරත්නට  2025  සිග්නීස් සම්මාන  උළෙලේදී රහස් කියන කඳු චිත්‍රපටයේ  රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි වුණා.ඒත් ඒ සම්මානය ගන්න ලකා  ආවේ නෑ.ලකා වෙනුවෙන් ඒ සම්මානය ගත්තෙ  ජගා.ආයු එක්ක අපිව පිස්සු වට්ටපු  ජගත් මනුවර්ණ

නොපැමිණියත් සම්මානෙ සාදරයෙන් පිළිගත්ත ලකා කීවේ මෙන්න මෙහෙම කතාවක්...

"මට කවදාවත් නොතිබිච්ච හීනයක් තමයි නළුවෙක් වෙන එක.මට ඕනෙ වුණේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න.ඉතින් Non Actor කෙනෙක්  එහෙම උස්සලා තිබ්බ ජගාටම තමයි ඒ සම්මානය ලැබෙන්න ඕනෑ. ජගා කරපු ෆිල්ම් එකක ජගා වෙනුවෙන් මම ඒ චරිතය රඟපෑවට ඇත්තටම නළු හීන කවදාවත් මට තිබ්බෙත් නෑ ආයෙ තියෙන්නෙත් නෑ.ඒත් ඒ සම්මානය මම සතුටින් ආදරයෙන් පිළිගන්නවා.ඒත් මං කැමතියි ඒ කුසලතා සම්මානය මට දෙන්නැතුව වෙන කෙනෙකුට දුන්නනම්.හේතුව නළුකමට ආස කෙනෙකුට එයාගේ Acting Carrier එකට  ඒ කුසලතා සම්මානය මාර වටිනවා.ආයෙනම් කිසිම දවසක මම රඟපාන්නේ නම් නෑ......"

ලකා යකා කියන්නේ ඕකනෙ......ඒ මොනවා වුණත්  ලැබිච්ච කුසලතා සම්මානෙට සාරවිට අපේ සුභ පැතුම්