ලෝක සිනමාවම හොල්ලමින් රාමායණ එයි

ලෝක සිනමාවම හොල්ලයි කියලා හිතන රාමායණ ඉන්දියාවේ ප්‍රදර්ශනය ඇරඹුණා.
ඇත්තටම රාමායණය කියන්නේ මිනිස් ඉතිහාසයේ සදාතනික පුරාවෘත්තයක් වූ රාමායණය පාදක කරගනිමින්, ඉන්දීය රුපියල් කෝටි 4000ක අතිවිශාල නිෂ්පාදන වියදමකින් නිර්මාණය වූ අපූරු විස්මිත සිනමා නිර්මාණයක්.
මේ වෙද්දී ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක, තිර 50,000කට වැඩි සංඛ්‍යාවක ප්‍රදර්ශනය වෙන
මෙම සිනමා පටයට
රන්බීර් කපූර් (Ranbir Kapoor), සායි පල්ලවි (Sai Pallavi) සහ යෂ් (Yash) ඇතුළු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය ප්‍රවීණ නළු නිළි රැසක් රංගනයෙන් එක්වෙනවා.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 3යි මිනිත්තු 15ක්.
අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණික විස්මයන්
'Inception' සහ 'Interstellar' වැනි ඔස්කාර් සම්මානලාභී ලෝක ප්‍රසිද්ධ DNEG ආයතනය මෙහි දෘශ්‍ය ප්‍රයෝග (VFX) නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය විශේෂයෙන්ම, විවිධ භාෂාවලට හඬකැවීමේදී නළු නිළියන්ගේ තොල්වල චලනයන් ස්වභාවිකව ගැළපෙන පරිදි සකස් කර ඇති අතිනවීන AI තාක්ෂණය (AI-powered lip-sync) චිත්‍රපටයක භාවිත කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා.
ඒ වගේම සංගීතයේ මෙන්ම දෘශ්යකලාවේ අරුමයක්
ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම සංගීතවේදීන් වන හෑන්ස් සිමර් (Hans Zimmer) සහ ඒ.ආර්. රහ්මාන් (A.R. Rahman) එකතුවී මෙම චිත්‍රපටය සඳහා සදා අමරණීය සංගීතයක් දායක කර තිබෙනවා. ලොව පුරා 10,000කට අධික කාර්ය මණ්ඩලයක දැඩි කැපවීමෙන් නිර්මාණය වූ රාමායණ සැබැවින්ම ලෝක සිනමා ඉතිහාසයේම ස්වර්ණවත් පරිච්ඡේදයක් වේවි.
