නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ද වන ශිරෝෂි රොමේෂිකා ගැන පසුගිය සමයේ කතාබහක් ඇතිවුණේ ඇය හදිසියේ මුහුණ දුන් අනතුරක් නිසා. නමුත් එම අනතුරින් දිවි ගලවා ගැනීමට ඇය වාසනාවන්ත වුණා. පුංචි දුවණියකගේ අම්මා කෙනෙක් වන ශිරෝෂි, ඇගේ දියණිය ගැන මෙන්න මේ විදිහට පුවත්පතකට කරුණු කියා තිබුණා.
"දුව තමයි මගේ හොඳම ප්‍රේක්ෂිකාව. මම ඇඳුමක් අඳිද්දී වුණත් ඒකේ අඩුපාඩු කියන්නේ එයයි. ප්‍රසංගයකට හෝ වෙන යම් උත්සවයකට මම සහභාගි වෙද්දී "දෝණි මේකට මැච් වන සපත්තු මොනවද" කියල අහද්දී එයා ඒකට ගැලපෙන එකක් තෝරලා දෙනවා. ඇඳුමක් ඇඳලා "මේක ලස්සනද කැතද" කියල අහද්දී "මේක හරියන්නේ නැහැ නේද...?" කියලා කියනවා. එයා ලස්සනට අඳින්න හරි ආසයි. මේක්අප්වලට ආසයි. ඒ ඉතින් මම කරන දේ බලාගෙන ඉඳලා වෙන්න ඇති. මගේ මුළු ලෝකයම එයයි..."
"මට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණත් මට ඒ ගැන හිතන්න එයා ඉඩක් දෙන්නේ නැහැ. උදේට නැගිට්ට වෙලාවේ ඉඳලා එයා කියවනවා. එයා ක්‍රියාශීලී දරුවෙක්. වෙලාවකට ඒ ක්‍රියාශීලීකම වැඩිද කියලත් මට හිතෙනවා. එයා ඉන්න තැන පාළු නැහැ. එයා burger කන්න ආසයි. ඉතින් අපි දෙන්න සමහර දවස්වලට එළියට ගිහින් burger කනවා. ඇඳුමක් ඇඳගෙන දෙන්නා නටනවා. සාරියක් පටලවාගෙන මාත් එක්ක නටනවා. සෙල්ලම් කරනවා. ඒ වගේ එයා සතුටින් ඉන්නවා.."



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
