තුර්කියේ පැවැත්වුණු 63 වැනි අන්තාලියා අන්තර්ජාතික ගෝල්ඩන් ඔරේන්ජ් සිනමා උලෙළේදී (63rd International Antalya Golden Orange Film Festival) ජාත්‍යන්තර අංශයේ හොඳම නළුවා (International Best Actor) සඳහා වන සම්මානය දිනා ගැනීමට "ද රිවර්ස්ටන්" (The Riverstone) සිනමාපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක සහ ප්‍රියන්ත සිරිකුමාර යන ශ්‍රී ලාංකික නළුවන් සමත් වුණා.
මෙය ලෝක සිනමා උලෙළේ ඉතිහාසයේ, සිනමාපට නිෂ්පාදකයින්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික සම්මේලනයේ (FIAPF) අනුමැතිය ලද ජාත්‍යන්තර සිනමා උලෙළක් තුළදී ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු හෝ ශිල්පීන් කණ්ඩායමක් රංගන කුසලතාවක් වෙනුවෙන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව වන අතර FIAPF අනුමැතිය ලද සිනමා උලෙළකදී රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික නළුවකු හෝ නිළියක ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ සිව්වන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්
ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපට අංශයේ ජූරි සභාවේ සභාපති ධුරය දැරුවේ, ග්‍රීක සිනමාකරු ඇන්ඩ්‍රියාස් සිනානොස් විසින්.
ඉතින් රිවස්ටන් නැවතත් සුබ පැතුම්

Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
