සරාට දුෂ්ටයා වුණු කවුද මේ ලේකම් මහත්තයා
හැමෝම ආදරයෙන් බලන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සියළු චරිතවලට ප්‍රේක්ෂකයන් මහත් සේ ආදරය කරනවා. වීරයා වුණත් දුෂ්ටයා වුණත් ඒ හැම චරිතයකටම නාඩගම්කාරයෝ රසිකයින්ගෙන් ලැබෙන ආදරය නම් අඩුවක් නැහැ. නාඩගම්කාරයෝ නාට්‍යයේ ලේකම් මහත්තයාගේ චරිතය දුෂ්ට චරිතයක් ලෙස තමයි ප්‍රේක්ෂකයෝ හිතාගෙන ඉන්නේ. නමුත් පසුගිය කොටස්වලදි නම් ලේකම් මහත්තයා තුළත් හොඳ ගතිගුණ තියෙනවා කියලා ගොඩක් අය කතා වෙන්න පටන්ගත්තා. ඇත්තටම මේ ලේකම් මහත්තයා කියන්නේ කවුද?. ලේකම් මහත්තයාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ පියල් සිල්වෙස්ටර් රංගන ශිල්පියා.
ඔහු මීට පෙර ගැහැණු ළමයි, පාන් බට්ටා, ආදරේ අහස තරම්, සුදු ගින්දර, හිරු ඇවිදින් සහ කෝටිපතියෝ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකම රංගනයෙන් දායක වී තිබුණා. නමුත් ඔහුව මුලින්ම ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක්වන්නේ කෝටිපතියෝ නාට්‍යයේ රෝසාගේ චරිතය හරහා. හැබැයි එහිදී නාඩගම්කාරයෝ නාට්‍යයෙන් ලැබුණු තරම් ජනප්‍රියත්වයක් නම් ලැබුණේ නැහැ. නාට්‍යයේදී දුෂ්ට චරිතයක් ලෙස පියල්ව හඳුනාගත්තත් ඔහු සැබෑ ජීවිතයේදී නිහතමානී සුහදශීලී චරිතයක්.
පියල් රංගනයට අමතරව නිෂ්පාදකවරයෙක් ලෙසත් කලඑළි බහින්න සූදානමින් ඉන්නේ. ඔහු නිෂ්පාදනය කළ මනුසත් විමන ටෙලි නාට්‍ය ළඟදීම විකාශය වීමට නියමිතයි. මනුසත් විමන නාට්‍යයේ ඔහු සමග මාලනී ෆොන්සේකාද රංගනයෙන් දායක වනවා.
ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින්.








