කලාකරුවෙක්, කලාකාරියක් සුවිශේෂී කෙනෙක් වෙනවනෙ. ප්‍රසිද්ධ කලාකරුවන්ට වඩා ජනප්‍රිය කලාකරුවන්ට ලැබෙන ආදරය හරි සුවිශේෂීයි. 'සමනළ සංධ්වනිය' රඟපෑවට පස්සෙ සූර්යාටත් හරි ආදරණීය රසික ප්‍රතිචාර ලැබිලා තිබුණා. මේ ඒ ගැන ඔහු සති අන්ත පුවත්පතකට කියූ කතාවයි.
''සමනළ සංධ්වනියේ රඟපෑවට පස්සෙ එකපාරටම ප්‍රේක්ෂක පිරිසක් මට එකතු වුණා. ඒකත් මට සප්‍රයිස් එකක්.
මාව වටකරගෙන සෙල්ෆි ගහන තැනට ඒවි කියලා මම හිතුවෙ නැහැ. 'සමනළ සංධ්වනිය' තිරගත වෙන කාලෙදි මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබුවා.
ඒ වෙද්දි මම මහරගම කාමරයක නතරවෙලයි හිටියෙ. මම විශ්වවිද්‍යාලයට බස් එකේ ගියා. ඉතින් ඒ දවස්වල මම බස් එකේ යද්දි ''මෙයා අර චිත්‍රපටයෙ ඉන්න පුතා වගේමයි.. මේ එයා නේද?'' කියලා බස්වල කට්ටිය කතා වෙනවා මට අනන්තවත් ඇහිලා තිබුණා.
සමහරුන්ට ඒ මමද කියලත් ෂුවර් නැහැ. සමහරු මාව හඳුනගෙන මම ළඟට ඇවිත් කතා කළා. ඡායාරූප ගත්තා. ඒ දවස්වල මම රුවුල ටිකක් වවලයි තිබුණෙ. හැබැයි චිත්‍රපටයේ මම පාසල් ශිෂ්‍යයෙක් විදිහට රඟපාපු නිසා රුවුල සම්පූර්ණයෙන්ම කපලයි තිබුණෙ. ඒ නිසා මාව මඟදි අඳුරගන්න සමහරුන්ට වෙලා ගියා.
ඇත්තටම මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මාර සප්‍රයිස් එකක්.''



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
