විවාහක රූපරාජිණියක් ලෙස ලක්මවට සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් හර්ෂනි වෙළගෙදර මේ වනවිට ගීත ගායනයටද යොමුව සිටියි. ඇයගේ කුළුදුල් ගීතය හා රූප රචනාව පසුගියදා නිකුත් කළ අතර ඒ "ගුම් ගුම් නාදෙන්" නමිනි. දැනට එය යූ ටියුබ් හරහා පමණක් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබේ.
"ගායිකාවක් විදිහට මා විසින් ගායනා කළ පළමු ගීතය මේක. අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වුණ "අශෝක්" චිත්‍රපටයේ එන ගීතයක් අනු නිර්මාණයක් තමයි "ගුම් ගුම් නාදෙන්" විදිහට නිර්මාණය වුණේ. මේ ගීතය ලිව්වේ ශාමා ගුණ්සේකර. සංගීතවත් කළේ පැතුම් කුරේ. ගීත රූප රචනාව නිර්මාණය කළේ ඉන්දික ලක්මාල්. මගේ සැමියා ශෂිකාන්ත්ගේ අදහසකට තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඔහු තමයි මේ ගීතයේ සියළු නිෂ්පාදනය පිරිවැය දැරුවෙත්.
මේ ගීතය රූපගත කළේ ඕමාන්, අල් කුද්රා වැව ආශ්‍රිත ප්‍රදේශයේ. දැනට මේ ගීතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. මේ නිසාම මම දැන් මගේ දෙවැනි ගීතයටත් සුදානම් වෙමින් ඉන්නවා. මම හිතනවා මගේ දෙවැනි ගීතයත් ඉක්මණටම මගේ රසික, රසිකාවියට අහන්නටත්, දකින්නටත් ලැබෙයි කියලා."



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
