චන්න - ගයත්‍රි යුවළ ගැන කලාවට ලැදි ඔබ හොඳින්ම හඳුනනවා. ඔවුන් දෙපළ වෙන්ව ජීවත් වන බවත් ඔබ හොඳින්ම දන්න කරුණක්. ආදරණීය දූවරුන් දෙදෙනෙක්ගේ මාපියන් වන ඔවුන් දරුවන්ගේ කටයුතුවලදී සමීපව කටයුතු කරන අයුරු දක්නට ලැබෙනවා.
රංගන ක්ෂේත්රයේ බොහෝ දුර පැමිණි චන්න - ගයත්‍රි ගැන කතා කරන්න ඔබ කවුරුත් කැමති ඇති. මේ චන්න පෙරේරා යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් දැක්වූ අදහස් කිහිපයක්.
ඔවුන්ගේ වෙන්වීම දූවරුන් දෙන්නා භාරගත් ආකාරය ගැනයි මේ විදියට ඔහු අදහස් දක්වලා තිබුණේ...
" ගයත්‍රි හොයපු ආදරේ මගෙන් ලැබෙන්න නැතුව ඇති. ඒක නිසා වෙන්න ඇති එයාට මාව එපා වෙන්න ඇත්තෙ. එතකොට මම හොයපු ආදරේ ගයත්‍රිගෙන් ලැබෙන්න නැතුව ඇති. හැබැයි කාලයත් එක්කම ඔවුන් මේක තේරුම් ගත්තා. පොඩි කාලෙකට හිත් රිදීම් ආවත් දැන් ඒ දෙන්නා සතුටින් ඉන්නෙ.
මගේ ලොකු දූ මට කියනවා තාත්ති හැමදාම ඔහොම ඉන්න බෑ.. තාත්ති තව කෙනෙක් බඳින්න. මගෙ අදහසක් නෑ මගෙ දුවලා දෙන්නට තව දුවලා හෝ දරුවො එකතු කරන්න මගෙ ජීවිතේ. මගෙ ජීවිතේ ඒ දෙන්නා එච්චරයි. මගෙ දුවලගෙ තාත්තා නළුවෙක් නෙවෙයිනෙ ඒගොල්ලන්ට. ඒගොල්ලො මගෙ රසිකාවියන් නෙවෙයි කොටින්ම... "






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
