බොරු දේවල් දාලා මිනිස්සු රවට්ටන්න එපා... හිඟා කෑවා නම් මීට වඩා නම්බුයි - ශෙරිල්ගෙන් සැර කතාවක්

  • 16-03-2023
  • Views 119

ගෙවුණු දවස් ටිකේ ජනප්‍රිය ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ වන රංගන ශිල්පිනි ශෙරිල් ගැන පෝස්ට් රැසක් සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වුණා ඔබත් දකින්න ඇති.

ඊට හේතුව වෙලා තිබුණෙ කුඩා දරුවෙක් දුම්රිය වැසිකිළියක හුදකලා කිරීමත් එක්ක ඇති වුණු කතාබහයි.

ඒ දරුවව රුවන් සහ ශෙරිල් යුවළ විසින් හදාගන්න ඉල්ලුවා කියලා තමයි සමාජ මාධ්‍යය පුරාම සැනින් පැතිර ගිය කතාව වුණේ.

හොඳ, නරක, ඇත්ත, බොරු හැමදේම හුවමාරු වන තැනක්නෙ සමාජ මාධ්‍යය, ඒ නිසාම මේ කතාවෙ සත්‍ය අසත්‍ය බව අපි ඔවුන්ගෙන් විමසා සිටියා. ඒ විදියට පැතිර යන කතාව අසත්‍ය එකක් බවයි ඔවුන් අපිට දන්වා සිටියේ.

ශෙරිල් ද තම ෆේස්බුක් ගිණුමෙහි එම සිදුවීම ගැන තරමක් සැර සටහනක් තබා තිබුණා...

"මේ ටිකේ පොඩි දරුවෙක්ව සහ අපි දෙන්නව අල්ලන් පෝස්ට් ශෙයාර් වෙනවා.

පේජ්වල රිච් එක වැඩි කරගන්න මේ වගේ බොරු දේවල් දාලා මිනිස්සු රවට්ටන්න එපා.

කිරි දරුවෙක්ව මෙහෙම විකුනන් කන්න එපා. හිගා කෑවා නම් මීට වඩා නම්බුයි පේජ් එකේ අයිතිකාර ඇඩ්මින්තුමා "