43වන උපන්දිනය සමරමින් ඉඳුනිල් අන්දරමාන තැබූ ආදරණිය සටහන.
ගායන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ ගායකයන් අතර නොමැකෙන නමක් දිනාගෙන ආදරණිය හදවතක් ඇති සදා නොවෙනස් ආදරණිය ගායකයෙක් ලෙස හදුන්වන්න පුළුවන් චරිතයක් තමයි ඉදුනිල් අන්දරමාන කියන්නේ. ඔහු ගැන මුළු ලංකාවම වගේ දන්නවා. වැඩිහිටියාගේ සිට පුංචි දරුවා දක්වාම මේ අපුරු ගායකයා හදුනනවා. ප්‍රසංග වේදිකාවේ මොහු නොමැති ප්‍රසංගයක් නැති තරම්. ඒ තරමටම ලාංකීය ප්‍රේක්ෂකයාගේ සිත් සොරාගත් ගායකයෙක් තමයි ඔහු.
වේදිකාවේ ගායකයෙක් වගේම සැබෑ ජිවිතයේ හිත හොද මිනිසෙක් ලෙස ඔහු කා තරාත ජනප්‍රියයි. ඒ වගේම ඔහුගේ ඒ නිහතමානී බව නිසාම ඔහුට හැමෝම වගේ කැමැත්තක් දක්වනවා. ලංකාවේ අනප්රියම පෙලේ ඉන්න ගායකයෙක් කියලා ඔහුව හදුන්වන්න පුළුවන්. ඉදුනිල් කියන්නේ ආදරණිය තාත්තා කෙනෙක්.ඔහුට ලස්සන සුරතල් දියණියක් සිටිනවා. ඒ වගම ආදරණිය සුන්දර බිරිදක් සිටිනවා.මෙයාලා එක්ක ඉතාමත් සතුටු ජිවිතයක් තමයි ඉදුනිල් ගත කරන්නේ.
අද මේ ජනප්‍රිය ගායකයාගේ උපන්දිනය. ඔහුගේ 43 වෙනි උපන්දිනය තමයි අදට දී තිබෙන්නේ. ඉතින් අපත් හදවතින්ම ඉදුනිල් අන්දරමාන නම් සුවිශේෂී ගායකයාට සුබ උපන්දිනයක් වේවා කියා ප්‍රර්ථනා කරනවා. ඉතින් ඔහුගේ උපන්දිනය දවසේ ඔහු දිගු සටහනක් සිය මුහුණු පොතේ පළකර තිබුනේ. ඒ මෙලෙසින්. අදයි මගේ උපන්දිනය 1979,11,04 සවස 4.30ට මවු කුසෙන් එලිය දුටු මා 2021,11,04 වන අද දිනට මාගේ වයස අවුරුදු 42ක් වසන් කරමින් 43ක්වූ මොහොතේ, අද දවසේ දස මසක් කුසෙහි රදවා අසීමිත දුක් ගැහැට පොකුරු මිටි පිටින් , නින්දා අපහස ජීවිතය මිරිකමින් පැමිණි කලද කදුළු කැට හංගාගෙන ඇයගේත් සුන්දරවූ පිය සෙවනින් පටන් මාව මේ තාක් නොමරා ජීවත් කෙරූ සියලු දෙනාම මතක කරමින් ස්තුතිය පුද කරන්නේ වචනයෙන් කියාගන්න බැරි තරම් වූ අසීමිත හදපිරි ගෞරව ස්තුතිය පුදකරමිනුයි.
නොමරා මරා විවේචනයට ලක් නොකර ආදරය සෙනෙහස ස්ථිරවම ජීවිතයට දුන් පිරිස අතර, ආදරණිය මගේම අම්මා තාත්තා පටන් මුළු මහත් රසික පොකුරේ ආශිර්වාදයත් එදාමෙදාතුර නොවෙනස්ව අසීමිත ලෙස උදවු උපකාර කරමින් ජිවත්කෙරු සහ ජීවත් කරන අපුරු හිතැති මිනිසුන් සමග මගේ ආදරණිය බිරිඳ අචිනි දක්වාම වූ සියලුම දෙනාට හදපිරි ගෞරවනීය ස්තුතිය. ඉතා යටහත්ව මුළු හදවතින්ම සතුටින් ප්‍රීතියෙන් මා පුද කරන්නේ. අද ජිවිතය විදවන යුගය නොව යහපත් නිදහස් විදින ජීවිතය රස කරමින් සපලත්වය ජය ලබමින්ය.



