FLASHBACK සංගීත කණ්ඩායම ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ රෙගේ ගායකයකුගේ ප්‍රශංසාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රෙගේ ගීත කළාවේ විශිෂ්ටයෙක් තමයි alpha blondy කියන්නේ.

Ivory Coast රාජ්‍යයේ උපත ලද ඔහුගෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට ප්‍රංශසාවක් හිමිවෙලා.alpha blondy ගයන sebe allah ගීතය ජාත්‍යන්තරයේ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවෙත් අතිශය ජනප්‍රිය වුණා.ඉතින් මේ ගීතය සංගීත සංදර්ශනවල වැඩි වශයෙන් ගායනා වුණා.ඒ අතරින් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ රෝස් අලගියවන්න ගායනා කළ මේ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.ඉතින් මෙහෙම ෆ්ලෑෂ්බැක්ලා කියන මේ ගීතයේ වීඩියෝවක් ශෙයාර් කරමින් alpha blondy ඔවුන්ට සුබ පතා තිබුණා.

"ඔබගේ ආදරයට සහ ගෞරවයට මගේ ශ්‍රී ලංකා සහෝදරියන්ට සහ සහෝදරයන්ට ස්තුතියි
ඔබ සැමට දෙවි පිහිටයි!!!"
ඒ වගේම ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු ද සිය අදහස පළ කර තිබුණා.

වාව්, ඔබගේ කාරුණික වචන වලට ඇල්ෆා බ්ලොන්ඩි මහතාට බොහෝම ස්තූතියි! අපගේ දක්ෂ ගායන ශිල්පී රෝස් අලගියවන්න විසින් ගායනා කරන ලද "සෙබේ අල්ලා යේ" ගීතය රස විඳීම ගැන අපි සතුටු වෙමු. ඔබගේ අගය කිරීම අපට අතිශයින් වටිනවා! ශ්‍රී ලංකාව ඇත්තෙන්ම පොහොසත් සංස්කෘතියක් සහ උණුසුම් ආගන්තුක සත්කාරයක් ඇති සුන්දර රටක්. එහි සුන්දරත්වය සහ චමත්කාරය අත්විඳීමට සෑම කෙනෙකුටම අපේ රටට ආරාධනා කිරීමට අපි කැමතියි. ඔබගේ කෘතඥතාවයට නැවත වරක් ස්තුතියි..! සංගීත ක්‍ෂේත්‍රයේ තව තවත් සාර්ථකත්වයට සුබ පැතුම්!