Media ඉස්සරහා ඇඬුවෙ නැතුවට මම තනියෙන් අඬනවා

  • 21-10-2025

කේ.සුජීවට වෙච්ච ඇබැද්දිය රටම දන්නවනෙ. ඒ හුට පට ඔක්කොම ඉවරවෙලා කේ.සුජීවගෙ ලොකු දුවගෙ මංගල්ලෙත් මරුවටම තිබ්බනෙ...ඒත් එදා ඒ වෙච්ච වෙඩි සිද්ධිය ගැන සුජීවා තාමත් කතා කරනවා.

"  වෙඩිල්ල පත්තු වෙද්දි මට දැනුණෙ පුදුම බයක්.මට දරුවො දෙන්නා මතක් වුණේ ඊට පස්සෙ.මගේ කකුලෙන් ලේ ගලනවා. එතෙන්ට පොලීසියේ අය ආවනෙ.එක පොලීසියේ මහත්තයෙක් මාව දැක්ක ගමන් ආ සුජීවා අක්කා කීවා.මම කීවා මගේ phone එක  මට අරන් දෙන්න කියලා.මම කළේ මගෙ කෙල්ලො දෙන්නා අංජලීට යි චූටිටයි කතා කරපු එක.එදා හවස සින්දුවක shooting  දාගෙන තිබුණ නිසා ඒකට දෙන්න ගෙනාපු සල්ලිත් මගෙ බෑග් එකේ තිබුණා.රත්තරන් බඩු හුඟාක් මම දාගෙන හිටියා.ඉස්පිරිතාලෙට ගිය ගමන් මම කළේ නර්ස් කෙනෙක්ට ඒවා බාර දීලා අංජලී ආව ගමන් අංජලීට දීලා වාහෙනට ඒවා දාලා එන්න කියපු එක.එදා මට මගේ ජීවිතයේ ළඟින්ම හිටපු මගේ partner නැති  වුණා.මම තාම මේ දේවල් මතක් කර කරා තනියෙන් අඬනවා.හැබැයි  Media  එක ඉස්සරහ දුක Market කර කර අඬන්නෙනම් නෑ......

කඳුළු දිගේ ලෝකය අස වැක් නොකෙරෙන කඳුළු කඳු ඕනෑ තරම් පපු අස්සෙ තියෙනවා.....

ඒ තමයි ඇත්ත.