Silver screen සිනමා පුස්තකයේ පරිච්ඡේදයක් සම්මානනීය වූ වගයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එයත් එක්තරා පුස්තකයක්. පෙරවදන් එමටයි. පසුවදන් තව තවත් ලියැවේවි. පරිච්ඡේදයෙන් පරිච්ඡේදය පරිච්ඡේද සමුදායක් පුරා විහිදුණු ඇරඹුමක් මිස නිමාවක් නැති පුස්තකයක්. ඒ පුස්තකයට අපි නමක් තියමුද සිනමාව කියලා. Silver screen ඔස්සේ ඒ පුස්තකයේ පරිච්ඡේද ගණනාවක්, ඈතින් ඈතට විහිදුණු මතක මහ කන්දරාවක් පාමුලට අප කැටුව ගිය හැටි පුදුමයි. ලාංකික සිනමා තීර්ථයේ 1965 සිට 1969 වසර දක්වා පරිච්ඡේදය ස්වර්ණවත් කළ රංගධරයන්, සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කැමරා ශිල්පීන්, වේෂ නිරූපණ ශිල්පීන්, කලා අධ්‍යක්ෂවරුන් ඇතුළු සිනමාවේ සියලු අංශ නිර්මාණය වන පරිදි සම්මානනීය කළ ඒ හැන්දෑව වර්ණවත් වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයකදී. 

මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු සිනමාවේ නෙක වර්ණ සම්මානනීය ප්‍රභාවෙන් ප්‍රභාවත් කළ ඒ සම්මානනීය සන්ධ්‍යාව ඔබ අභිමුවට ගෙන ඒමේ සමාරම්භය සනිටුහන් වුණේ ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේගේ ආදරණීය පියා වූ සුමිත් බිබිලේ මහතාගේ සංකල්පයක් අනුවයි. චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු ඇතුළු Silver screen සියලු දායකත්වයන් ස්තූති පූර්වකව මතක් කර හිඳින්නේ ඇතැම් විට එම යුගයේ එම විචිත්‍රවත් සිනමාවේදීන් ලද පළමු සම්මානයද එයම වී නම් එය ඔවුන්ගේ හදවත තුළ අවසන් හුස්ම තෙක් රුඳෙන සොඳුරුතම මතකයක් නොවේද යන සිතුවිල්ලෙන්. 

I සංජීවිකා 
සේයාරූ I ධනංජය චතුරංග