’’ෆාදර්’’ සිනමාපටයේ රූගත කිරීම් අතරතුර රංගන ශිල්පි ජගත් මනුවර්ණට අනතුරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පි ජගත් මනුවර්ණ ඊයේ (28) අනතුරකට ලක්ව තිබෙනවා. ඒ මේ දිනවල රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදුකෙරෙන චමින්ද ජයසූරියගේ ''ෆාදර්'' සිනමාපටයේ රූගත කිරීම් අතරතුරදී බව සඳහන්.

එහි වූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් අදාළ අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වූ අවස්ථාවේදීම ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹට පිටත් කර එවා ඇති අතර සුළු තුවාල ලැබූ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වැඩිදුරටත් සඳහන්.

චමින්ද ජයසූරියගේ පළමු සිනමා නිර්මාණය වන ‘ෆාදර්’, ක්‍රියාදාම සහිත සිනමා පටයක් වනු ඇති බවයි වාර්තා වන්නේ.