මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන රංගන ශිල්පීන් කිහිපදෙනෙකුම පසුගිය දිනවල කෝවිඩ් 19 රෝගයට ගොදුරු වුණා. ඒ අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ කෝකිල පවන් ජයසූරියත් හිටියා. කෙසේ නමුත් දින දහහතරක නිරෝධායන කාලයකින් පසුව කෝකිල නැවතත් තම නිවසට පැමිණ තිබෙනවා.
ඒ පිළිබඳව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක්ද එකතු කර තිබුණා.
සහෝදරයා / සහෝදරිය,
කොවිඩ් වෛරසය ආසාදනය වී, නිරෝධායනයෙන් අනතුරුව මං නැවත දැං ගෙදර. මේ සටහන තියන්න හිතුවේ හැමෝටම ස්තූති කරන්න නෙමෙයි. මට කොවිඩ් කියලා දැනගෙන, කතා කරපු, උදව් කරපු, මට ශක්තියක් වුනු, හැමදෙනාටම පිං කියන්න.
ඉක්මනට මුණගැහෙමු...
ආදරෙයි...
කෝකිල පවන් ජයසූරිය
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
