නිකිනි වැස්ස නම් සම්මානිත චිත්‍රපටය අධ්‍යක්ශණය කල අරුණ ජයවර්ධනගේ අලුත්ම චිත්‍රපටය පිළිබඳ මේ දිනවල කතාබහක් රටතුල නිර්මාණය වෙමින් පවතිනවා. එය නම් කර ඇත්තේ 'මාරියා' ලෙසිනි. සමාජමාධ්‍ය ඔස්සේ සිනමා ලෝලීන්ගේ ප්‍රමුඛම මාතෘකාවක් බවට මෙම චිත්‍රපටය පත්වී ඇත්තේ මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමටත් ප්‍රථමයෙන්.
අරුණ ජයවර්ධනගේ මේ අලුත්ම චිත්‍රපටය නම්කර ඇත්තේ “මාරියා” යන නමින්. මාරියා චිත්‍රපටයට පාදක වන්නේ සත්‍යකතාවක් බව ඔවුන් විසින් සදහන්කර තිබුණා. මේ චිත්‍රපටයේ මුහුරත් උලෙල පසුගියදා පැවැත්වීමත් සමග ප්‍රේක්ෂකයාගේ මේ පිළිබඳ වූ විමසිලිමත් බව තවත් වැඩිවුනා. ඒ නිසාම මේ දිනවල සිංහල සිනමා ප්‍රේක්ශකාගාරයේ වඩාත්ම කතාබහවන නිර්මාණය බවට මෙම චිත්‍රපටය පත්වී අවසන්. චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයට ඉතා ඉක්මනින්ම ගමන්කිරීමට ප්‍රධාන හේතුව ලෙස එහි නලු කැල පෙන්වාදෙන්න පුළුවන්.
එහි රංගනයෙන් හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිසිරකුමාර, සුරන් දසනායක, යන රංගන ශිල්පීනිය මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය එලැබෙන 15 දා සිට රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
