’අන්සතු ඔබ’ වයිරල් වෙයි -දහස් ගණනක හිත් රිද්දයි

  • 03-11-2021
  • Views 257

සමහර කලා නිර්මාණ අපේ හිත් රිද්දනවා. ගීතයක් වේවා, සිනමාපටයක් වේවා, නවකතාවක් වේවා, වේදිකා නාට්‍යයක් වේවා. ඒ නිර්මාණය අහන එක, බලන එක නැත්නම් කියවන එක හිත් රිදුනට අපි නවත්තන්නේ නැහැ. ඒවායෙන් දැනෙන වේදනාව අපි ආයෙ ආයෙම විඳින්න කැමති යි. ඒ එවැනි නිර්මාණ අපේ හිත්වලට එතරම් සමීප නිසා යි.    

දහස් ගණනකගේ හදවත් එලෙස රීද්දවූ ගීතයක් මෑතකදී අපට අසන්න ලැබෙනවා. ගීතයේ නම "අන්සතු ඔබ".

රුෂාන් සිල්වාගේ පද බැඳුමට අනුව ළහිරු ද කොස්තාගේ සංගීතයෙන් සහ තිසර වීරසිංහගේ හඬින් අපට අසන්නට ලැබෙන මෙම ගීතය මේ වනවිට සටහන් කර ඇති නැරඹුම් වාර ගණන මිලියන 02 කටත් එහා ගිහින්.

සරල වීඩියෝ නිර්මාණයක් වුණත් එයින් දැනවෙන හැඟීම ප්‍රභල කිරීමට සම්මානිත රංගන ශිල්පී සේවියර් කනිෂ්ක සහ නිපුනි ගුණවර්ධනගේ දායකත්වය නොඅඩුව ලැබී ඇති බව කිව යුතුම ය.