අම්මාගේ කැවිලි ඕනා එකක් මට රසයි - ගිතිකා රාජපක්ෂ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කැවිලි පෙවිලි නම් මට හදන්න බැහැ. ඔය කොකිස් හදන වැඩේට විතරක් මම චුට්ටක් විතර උදව් කරනවා හැමදාම. හැබැයි මෙදා පාර මම අවුරුද්ද සමරන්න යන්නේ පොල්ගහවෙල තියෙන මගේ මහ ගෙදරට. ඉතින් මෙදා පාර මම අපේ අම්මයි තාත්තායි එක්ක තමා අවුරුදු සමරන්නේ. මහ ගෙදර යන නිසා ඉතින් කැවිලි පෙවිලි වලින් අඩුවක් නැතුව කන්න පුළුවන්. මම ඉතින් එකක් කියලා නැහැ හැම කැවිලි වර්ගයකටම ආසයි. විශේෂයෙන් ගත්තොත් කොකිස් තමයි මගේ කැමතිම කැවිලි වර්ගය. මේ පාර මහ ගෙදර ඉන්න නිසා අම්මාගේ අතින්ම හදපු කොකිස් වගේම අනිත් කැවිලිත් කන්න හිතාගෙන ඉන්නවා.