වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද... ඕනි ප්‍රශ්නෙකට උත්තර දෙන්න පුළුවන් හැබැයි ඔය ප්‍රශ්නෙ තමයි මේ ලෝකේ තියෙන අමාරුම ප්‍රශ්නෙ.. එහෙම නේද සාමාන්‍යයෙන් කියන්නෙ දුවෙක් වැඩියෙන්ම ආදරේ තාත්තට ,පුතෙක් වැඩියෙන්ම ආදරේ අම්මට කියලා ඒ කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ.. ඔය විදියට ආදරේ ගැන කතා කරන්න හිතුණෙ අභීගේ පෝස්ට් එකක් දැකලා අභී එයාගෙ දෝණිගෙන් අර අපි මුලින්ම ඇහුව ප්‍රශ්නෙට උත්තර අරන් තිබුණා හැබැයි හරි වෙනස් විදියකට බලන්නකො ඒ කොහොමද කියලා "අහන්නම හොද නැති නිසා කවදාවත් බබාගෙන් අහපු නැති ප්‍රශ්නයක් තිබුණා..
වැඩියෙන් ආදරේ මටද? තාත්තිටද? අවුරුදු 9 කට පස්සෙ උත්තරයක් ලැබුණා. අද එයාගෙ Sports Meet එක.ඉස්කෝලෙන් එන්න කියල තියෙන්නෙ එක parent කෙනෙක්ට විතරයි. ඉතින් පෙරේද අපි ඇහුව කාවද ඕනෙ කියල. එයාම යෝජනා කළා කොළ උඩ දාල තෝරන්න. තේරුණේ මාව. ඊයෙ ආයෙත් අහනවා අම්මි Sports Meet එකට තාත්තිට එන්න කියන්න බැරිද කියලා.
ඉතින් උත්තරේ ලැබුණා.. "






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
