ආදරය නතර වෙන්න හොඳ නැහැ. ආදරය නතර වුනාම තමයි ප්‍රශ්න එන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මං වතාවක් කිව්වා මාස් මහත්තයා මං කිසි වැරැද්දක් කරලා නැහැ,  කාන්ති මේ විදියට කියන්න වාස් මහත්තයට. හැබැයි ඉතින් වාස් මහත්තයා කියන්නේ නම්, හිත මොළොක් චරිතයක් නම් නෙවෙයි. කාන්ති උඹ ජීවත් වෙන්න ඕනැ මට ඕනැ විදියටයි. වාස් මහත්තයා. එහෙම කියද්දි, 

කාන්ති ඉදිරියේදී මොනවා කරාවිද? ඒ ගැන මැස්සා නාට්‍ය නරඹන ඔබට එහි ඉදිරි කොටස් නරඹා දැනගන්න ලැබේවි. මැස්සා නාට්‍යයේ කාන්තිගේ චරිතයට පණ පොවන ඇය ඕනෑම චරිතයක් රඟපෑමට ඔට්ටු හර්ෂිකා රත්නායක රංගන ශිල්පිනියයි. ඇය මේ දිනවල අපට හමුවන්නේ, මැස්සා සමග විතරක් නෙවෙයි, කියා දෙන්න ආදරේ තරම්, නාට්‍යයේ ප්‍රේක්‍ෂකයින් අතරට පැමිණෙන්නීය. සමහර ප්‍රේක්‍ෂකයින් ඇය රඟපාන සමහර චරිත නිසා, ඇයට කියන්නේ වේවා ශාන්ති.. නොවේවා කේන්ති කියලයි. ඉතින් චරිතවලදී වගේම සැබෑ ජීවිතයේදීත් ඇය සැබෑවටම කේන්ති කාරියක්ද? නැත්නම් ආදරණීය චරිතයක්ද? හර්ෂිකා දක්වන මේ අදහස් වලින් ඔබට ඒ ගැන පැහැදිළි වේවි - එහෙම නම්,  කතා කරමු ඇය එක්ක 

හර්ෂිකා රත්නායක, අද වන විට ආචාර්යද? මහාචාර්යද ? කොහොමද හඳුන් වන්න පුළුවන්?

තාම නහැ, තාම නැහැ පේරාදෙණිය සරසවියේ පශ්චාත් උපාධියක් කරමින් හිටියේ. දැන් ඒක සම්පූර්ණ කළා. ඉතින්  Phd එක කරන්නත් බලාපොරොත්තුවක් තියනවා. 

කොහොමද ජීවිතේ?

බොහෝම සැහැල්ලුවෙන්  සන්තෝෂයෙන්, ආදරය විඳිමින්, ආදරය කරමින් ඉන්නවා. හැමෝටම වගේ රටේ තත්වය එක්ක ඒ අසීරුතාවලටත් මුහුණ දෙමින් ඉන්නේ. රටේ පොදු තත්ත්වය මටත් බලපාලා තියෙනවා. ඒ හැරුණාම මම ආස අයත් එක්ක සතුටින් ඉන්නවා. 

හර්ෂිකාගේ ආදරය අද කොතැනද නතරවෙලා තියෙන්නේ?

ආදරය නතර වෙන්න හොඳ නැහැ. ආදරය නතර වුනාම තමයි ප්‍රශ්න එන්නේ. අපි දිගටම ආදරය කරන්න ඕන. ආදරය කරන්න පටන් ගත්තාම අපි ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. හැබැයි ආදරය ලැබුණම ඒක පරිස්සම් කර ගන්නේ නැහැ, අන්න ඒ ගැටලුව තමයි සමාජයේදී බොහෝවිට දැක ගන්න පුළුවන්. මම නම් කියන්නේ දිගටම අපි ආදරය කරන්න ඕනෑ. තමන් තෝරා ගන්නා කෙනෙක් වෙන්න පුළුවන්, තමන් වෙනුවෙන් ජීවත් වන කෙනෙක්  වෙන්න පුළුවන්, අම්මා - තාත්තා වෙන්න පුළුවන්. තමන් කරන වැඩක් වෙන්න පුළුවන් ආදරය කරන එක පෙම්වතා, සැමියා, බිරිඳ ලෙස හිරකරලනේ සමාජය තියෙන්නේ. එහෙම නොවි අපි කැමති ඕනෑම දෙයකට ආදරය කරමින් ජීවිතය ගෙවන්න පුළුවන්.  ආදරය කරන එක  නවත්තපු ගමන් අපි මැරිච්චි මිනිසුන් බවට පත්වෙනවා.  මනුස්සයෙක් හෝ යම්කිසි දෙයක් හෝ වැඩක් හෝ අධ්‍යාපනයක් වෙන්න පුළුවන්, ඒ තෝරා ගත් දේට දිගින් දිගටම ආදරය කරන්න. 

මේ දිනවල යන නාට්‍යවල චරිත ගැන කියමු? 

ඉන්දික ධර්මතිලකගේ මැස්සා නාට්‍යයේ ශාන්තිගේ චරිතය මම බොහෝම ආසාවෙන් කරන්නේ, ඊට අමතරව ධනුෂ්ක රත්නායකගේ ‘‘කියා දෙන්න ආදරේ තරම්, නාට්‍යයේ රඟපානවා. එයාගේම අලුත් නාට්‍යයක් වන ‘මන්දාරම් අහස යට රැගෙන කිරීම් සිදුවෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කීපයකට දායක වුණා. T.V.  ඇඩ්ස් කීපයක් කළා, ‘‘හත්පෙතිමල්.‘ වේදිකා නාට්‍යයෙත් රඟපානවා. 

හර්ෂිකා, මේ විදියට සෑම අංශයකටම වගේ දායක වෙනවා, සම්බන්ධ නොවෙන්නේ  මොන අංශයටද ?

මම දන්නේ නැහැ ඒ ඇයි කියලා? හැබැයි මට චිත්‍රපටවල  රඟපාන්න ලැබෙනවා අඩුයි. සමහර විට නොගැලපෙනවද දන්නේ නැහැ.  අන්තිමට රඟපෑවේ ප්‍රියන්ත කොළඹගේ  අයියාගේ චන්දාරා හැබැයි ටෙලිනාට්‍ය නම්, එකක් ඉවර වෙනකොට එකක් වගේ ලැබෙනවා. ටී.වී. ඇඩ්ස් එහෙමත් ලැබෙනවා. ඒ වාසනාව තිබුණත් සිනමාවේ  ඒ වාසනාව නැත්තේ ඇයි කියලා දන්නේ නැහැ. 

මැස්සා නාට්‍යයේ ‘ශාන්ති’  ඇයි මේ තරමටම තොදොල් වෙන්නේ? කතා කරන්නේ හරිම ආසා හිතෙන විදියට?

තරුණ කාලයේ ඉඳලා තලතුණා වයස දක්වා දිවෙන චරිතයක්නේ. එයාට ළමයි නැහැ. මග තොටේදි අහුලා ගත්ත දරුවා තමයි හදාගන්නේ. ‘මැස්සා කියන්නේ ඒ දරුවට. ගැහැණු කියලා කියන්නේ රියල් ගැහැණු ලක්‍ෂණ තියෙන කෙනෙක්. ගැහැණියකට හොඳ නරක, කැත, ලස්සන ඔය වගේ සේරම තියෙන ගැහැණියක්. හරි විදියේ ආර්ථික පදනමක් නොවන නිසා ඇයට තීරණ ගන්න බැහැ. 

ඒ මැස්සා, ශාන්ති නේ සැබෑ ජීවිතයේ ‘හර්ෂිකා’ ට තියෙන්නේ වැඩිපුරම මොනවගේ ස්වභාවයක්ද?

මම මා ගැන අධ්‍යයනය කරලා නැහැ. ඒත් මා ළඟ හොඳක් නරකක් දෙකම ඇති. ඒ නිසා මට හිතෙන්නේ මම අළු චරිතයක් කියලයි. 

මම අළු චරිතයක් කියන්න මම කැමතියි. සමහර වෙලාවට ඉතාම ආදරණීය හොඳ වගේම නපුරු වෙලා දුෂ්ට වෙන අවස්ථාත් තියෙනවා.  

ඒ විදියට නපුරු වෙන්නේ දුෂ්ට වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

ඒක හරිම සරලයි. මොකද අපි හැමෝම හිතන විදියක්, ආසා කරන විදියක් තියෙන්නේ. ඒක අසාධාරණ වෙන්නත් පුළුවන්. ඒත් අපි හිතන ඒවා සිද්ධ වෙන්නේ නැතිකොට අපට එහෙම වෙනවා. අපි ඉන්න අකමැති පරිසරවල දිගින් දිගටම ඉන්න වෙනකොට අපිව එහෙම වෙනවා. සමාජයේදී අසාධාරණකම් වෙනකොට එහෙම වෙනවා. මායි දුවයි මේ ළඟදී දවසක කෝච්චියේ ගියා. යද්දි කෝච්චියට ගොඩ වෙන වෙලාවේ පිරිමි ටික දඩි බිඩි ගාලා අපිව තල්ලු කරගෙන කෝච්චියට ඇතුළු වුනා. ඒ වගේ වෙලාවල මට හරියට කේන්ති යනවා. ඒ වගේ වෙලාවට දුෂ්ටයි. රටේ නීතිය ක්‍රියාත්මක නොවන තැන්වලදී මම හරියට දුෂ්ටයි. 

කියා දෙන්න ආදරේ තරම්, නාට්‍යයේ චරිතය ගැන කිව්වොත්? 

ඒක බොහොම උඩරට පළාතේ කාන්තාවකගේ චරිතයක්. මට ටිකක් සම්බන්ධයි. එයාගේ හස්බන්ඩ් නැති වෙච්ච, දුව එක්ක ජීවිතේ ගත කරන, වැදගත් කියලා සළකන, කාන්තාවක්. කාරුණික වැදගත් කාන්තාවක්. මේ චරිතයේ ඉදිරිය කොහොම වේවිද දන්නේ නැහැ. 

‘උඩරට’ කෙනෙක් වෙච්ච නිසාද හර්ෂිකා මෙච්චර පැහැපත් වුණේ. නැත්නම් මේ දවස්වල බොහෝ දෙනා පාවිච්චි කරනවා වගේ සුදුවෙන්න පෙති බොනවද?

අපේ අප්පච්චි බොහොම පැහැපත්. හරියට සුද්දෙක් වගේ කිව්වොත් හරි. ඉතින් ඒ පැහැය එන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. අපි හැදුණේ ගමක. ඉතින් කෑම බීම වළත් ගුණයක් තියෙනවනේ. පළා වර්ග, පළතුරු, ස්වභාවය, ඒ සියල්ල බලපානවා. බත් වෙනුවට අපි වැඩි හරියක්ම කෑවේ පළතුරු සහ ගෙඩි වර්ග. ඒ වගේම නුවර දේශගුණයත් සෞම්‍යයි. ඒවාත් බලපාන්න ඇති. හැබැයි ජානමය විදිහට ගත්තොත් අයියටයි - මටයි අප්පච්චිගේ පැහැය ඇවිත් තියෙන්නේ. එහෙම නැතුව රූපලාවන්‍ය නම් කරන කෙනෙක් නෙවෙයි මම. 

ඔච්චර පැහැපත් වෙළත්, ඔයාට ටිකක් නපුරු වගේ චරිත නේද ලැබෙන්නේ? පෙම්වතියගේ චරිතය නැහැ නේද?

පෙම්වතියගේ චරිතය මම හිතන්නේ ලැබෙන එකක් නැහැ. අපේ රටේ හැටියට පෙම්වතිය වයස් සීමාවකට සීමා කරනවනේ. ආදරේ කියන එක අවුරුදු 20න් 30න් ඉවර වෙන වගේ එකක්නේ ලංකාවේ තියෙන්නේ. ආදරය කරනවා නම් තරුණම කපල් විතරයි. ලංකාවේ ඒ සීමාවෙන් පිට ඇති කතා ලියැවෙන්නේ හරිම අඩුයි. ලංකාවේ විදියට පෙම්වතියකගේ චරිතයක් ලැබෙන එකක් නැහැ. 
ඒත් එක්තරා විදියකට මැස්සාගේ රඟපාන්නේ පෙම්වතියගේ චරිතයක් වගේ එකක්. හරි විදියට බැලුවොත්, ‘වාස් සහ ගුරා’ දෙපැත්තෙ ඉන්න පෙම්වතුන් දෙදෙනෙක්. එහෙම හිතාගෙන මම ඒ චරිතය කරනවා. නමුත් ලංකාවේ කැටගරි එකේ පෙම්වතිය ලැබෙන එකක් නම් නැහැ. 
ප්‍රියන්ත කොළඹගේ අයියගේ සකූගේ කතාවෙන් මම ටෙලි නාට්‍ය ගමන ආවේ. එහි රඟපෑ චරිතයට සමාන චරිත තමයි ලැබෙන්නේ. ආදරේ කියන එකේදි වුණත්, ගැඹුරක් - විදියක් තියෙන චරිතයක් ලැබුණොත් හොඳයි. ඒ වගේ එකකට මම ආසයි.

• සාමාන්‍ය සමාජය අපි ගනිමු, විවාහයෙන් පසුව යුවළකගේ ස්වභාවය ගත්තොත් පෙර විදියට ආදරණීය බව තියෙනවා කියලා ඔබ හිතනවද? නැත්නම් එහෙම කරන්න බැරිද? ආර්ථික ප්‍රශ්න ඊට බලපානවද


මම ඒවා පිළිගන්නේ නැහැ. මාත් කලින් විවාහ වෙලා හිටියේ, මගේ ජීවිතේ අත්දැකීම් එක්ක කතා කළොත්, මට පෙනෙන විදියට සමාජයේ පොදු තත්වයක් වගේ තමයි. මම කලින් කිව්ව විදියට මිනිස්සු ආදරේ ලබා ගන්න මාර විදියට වෙහෙසනවා. තමන්ගේ කර ගන්න මාර විදියට වෙහෙසෙනවා. හැබැයි ඊට පස්සේ ඒක පවත්වාගෙන යන්නේ නැහැ.  ළමයි ලැබුණාම ඒ වෙනුවෙන් ජීවත්වීම සහ පවුල වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ජීවත් වෙන්නේ. ෆෝන් එක අරගෙන SMS දිහා බලන්නකො ආදරය කරන කාලයේදී යැවූ ඒවා සහ විවාහ වෙලා ළමයෙක් හැදුවට පස්සේ යැවූ SMS දිහා. එතකොට SMS එකෙන් එවන්නේ ගෙදරට ගේන්න ඕන බඩු ලිස්ට් එක. ඒ හැර ආදරේ කොතැනකවත් නැහැ. ඒක ඇත්තටම ලංකාවේ ඛේදවාචකයක්. එහෙම වෙන්න  ඕනැ නැහැ. ආදරේ කියන්නේ මැරෙනකල් තියෙන්න ඕනේ දෙයක්. කසාද බැන්ඳ ළමයි හැදුව කියලා ඒක වෙනස් වෙනවා නම් ආදරයක් තිබිලා නැහැ. එක්කෝ ආදරය ගැන හැඟීමක් නැහැ. අපේ රටේ මිනිස්සු මව්පියන් ගහගන්න ඒවා, මරණ ඒවා ළමයින්ට පෙන්වන්නේ. හැබැයි මව්පියන් ආදරෙන් ඉන්න විදිය, සිපගන්න විදිය පෙන්වන්නේ නැහැ. ඒවා හොඳ නැහැ. ඒවා තහනම්! රන්ඩු පෙන්වීම – මිනී මැරුම් පෙන්වීම තහනම් නැහැ. 

සඳුන් ගමගේ