ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා රංගනයෙන් එක් වූ "Paradise" ඉන්දියානු සිනමාපටය, එරට Critics Choice Awards චිත්‍රපට උළෙලේ සම්මාන කිහිපයක් සඳහාම නිර්දේශ වුනා.
Paradise චිත්‍රපටයෙ හි මහේන්ද්‍ර පෙරේරා විසින් නිරූපණය කළ සාජන්ට් බණ්ඩාරගේ චරිතයත් මෙහි 'විශිෂ්ටතම සහාය රංගන ශිල්පියාට' හිමි සම්මානය වෙනුවෙන් අවසාන නිර්දේශ නාම අතරට පැමිණ තිබුනා.
ඊට අමතරව වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිනියට හිමි සම්මානය ජයග්‍රහණය කළේ ද Paradise චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ මලයාලම් නිලි දර්ශනා රාජේන්ද්‍රන් විසිනුයි. පැරඩයිස්, Prasanna Vithanage අධ්‍යක්ෂණයකි.
Critics Choice Awards සම්මාන උළෙලට සහභාගී වූ මහේන්ද්‍ර පෙරේරාගේ ඡායාරූප කිහිපයක් පහතින්.




Trending News
Events
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
