කාංචනා අනුරාධි ගීත ගයද්දි වශී වෙලා බලාගෙන සිටි කතා බහට ලක් වුණ ක්‍රීඩකයා

  • 25-09-2023
  • Views 341

කාංචනා අනුරාධි කියන්න වයස් පරතරයක් නැතුව ඉතාමත් ඉහල ආදරයක් ලබන ආදරණීය යොවුන් ගායිකාවක්. රට වටේ වගේම ලෝකේ වටේ ප්‍රසංගවලට යන ඇයට ලැබෙන ආදරණීය ප්‍රතිචාර ඒ බවට හොඳම උදාහරණයක්. ඒ වගේම කාංචනා ප්‍රසංගයකදි ගීත ගයද්දී දෑස් අයාගෙන ඈ දෙසම බලාගෙන හිඳින්නේ ඇයගේ ලයාන්විත ගායනය සමගින් ඇ‍යගේ සුන්දරත්වය එක් වුණාම තියෙන අපූර්වත්වය නිසාමයි.

ඉතින් මේ ආදරණීය ගායිකාව ගීත ගයපු ප්‍රසංගයකදී වශී වෙලා වගේ බලාගෙන ඉඳපු ඔබ ආදරය කරන තවත් සුපිරි තරුවක් ගැනයි මේ කියන්නේ. පසුගිය දවස්වල ඉතාමත් කතාබහට ලක් වුණ චරිතයක් තමයි ඔහු. ඔහු වෙන කවුරුත් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක. වශී වෙලා වගේ කම්මුලට අතක් තියාගෙන කාංචනාගේ ගීත රසවිඳින හැටි බලන්නකෝ.