ගීතයට ගොඩක් ප්‍රතිචාර තියෙනවා ගොඩක් සතුටුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක පරපුරේ ගායකයෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට ‌නිර්මාණ කිහිපයකින් ක්ෂේත්‍රය තුළ නමක් දරා සිටින රුවන් ඔහුගේ දේවල් පිළිබඳව සාරවිටට මෙලෙස පැවසුවා.

මම රුවන් කුමාර .මගේ ගම මහනුවර .ම⁣ම අධ්‍යාපනය හැදැරුවෙි මහ/දෙනු අලපලාවල මහා විද්‍යාලයෙන්. මම සංගීතය හදාරලා විශාරද දක්වා. මම පොඩි කාලේ ඉදන් සංගීතයට ලොකු ඇල්මක් දක්වපු කෙනෙක් .එ් හරහා තමා මම කේෂ්ත්‍රයට ආවේ.මම රියලිටි තරග වලට පමා සහභාගි වෙලා තියෙනවා.මගේ මුල්ම ගීතය නිර්මාණය වෙන්නේ 2014 වර්ෂයේදී ගීතය නම තමා "පාට ගෑව ආදරේ " ගීතය පද රචනය කරේ ධනුෂ්ක කුමාරතුංග  සංගීතය සහ තනු නිර්මාණය කරේ රුවන් මිගස්වත්ත.

දෙවැනි ගීතය නිර්මාණය වෙන්නේ 2015 වර්ෂයේ මෙි ගීතය යුග ගීතයක්  ගීතය මමත් සමග දායක වන්නේ නිමන්ති චමෝදිනි ගීතයේ නම " නොලැබෙන ඔබේ' පද රචනය සත්සර කසුන් ,සංගීතය සහ තනු නිර්මාණය දුලිප් මිරැන්ඩෝ

⁣තුන්වන ගීතය නිර්මාණය වෙන්නේ 2018 වර්ෂයේදී  ගීතයේ නම තමා "සැනසුමක් පතා"  පද රචනය රුවන් මිගස්වත්ත ,සංගීතය සහ තනු නිර්මාණය රුවන් මිගස්වත්ත 

හතර වන ගීතය නිර්මාණය වෙන්නේ 2020 වර්ෂයේදී ගීතයේ නම "ඔබෙි රුව" මෙම ගීතය පද රචනය කරන්නේ මමයි මගේ නංගි ඇයගේ නම සදුනිකා රණසිංහ , සංගීතය සහ තනු නිර්මාණය සංජුල හිමාල. 

මගේ පස්වන ගීතය එහෙම නැත්නම් මගේ අලුත්ම ගීතය "සාගරේ තරම් " මෙි ගීතය යුග ගීතයක්, මගේ දෙවැනි යුග ගීතය මමත් සමග ගීතය ගායනා කරන්නේ "සඳක් වෙන්න බැරි නම්"ගීතයෙන් අප කවුරුත් හදුනා ගත් imasha muthukumari ,පද රචනය Radika Madushan, සංගීතය නිලාන් ප්‍රනාන්දු, මේ ප්‍රේක්ෂකයා අතරට ඉක්මනින්ම ගියපු ගීතයක්, දැනට ගීතය මධ්‍ය ආයතන කිහිපයක ප්‍රචාරය වෙමින් පවතිනවා, ගීතයට ගොඩක් ප්‍රතිචාර තියෙනවා ගොඩක් සතුටුයි. ඉදිරියේදී තවත් වෙනස් ගීත කරන්න බලාපොරොත්තු වෙනවා, ඔයාලට ගීතයක් නිර්මාණය කර ගන්න අවශ්‍ය නම් මාව සම්බන්ධ කර ගත හැකි මගේ නම්බර් එක 076-8758118. මාත් සමග ඉදිරියත් රැදී ඉන්න කියලා ඔයාලාගෙන් ආදරයෙන් ඉල්ලනවා