ජනප්‍රිය නිලි ශලනි තරකා සචින්ගේ උපන්දිනය සමරමින් තැබූ ආදරණිය සටහන

  • 04-11-2021
  • Views 464

ශලනි තාරකා කියන්නේ කලා ලෝකයේ ඉන්න ලංකාවේ ජනප්‍රියම නිළිය. ඒ වගම දක්ෂතමන නිළිය සම්මාන පිට සම්මාන ලබාගන්නා ඇය සැබවින්ම දක්ෂ රංගන ශිල්පියක්. ඇයගේ ඒ හැකියාව ගැන මුළු ලංකාවම අගය කරනවා. මෙරට ප්‍රේක්ෂකයාගේ ඉමහත් ආදරයට පාත්‍ර වෙන්නට ඇයට වාසනාව උදාවුනා. ශලනි තාරකා කියන්නේ වෙන වෙනස් චරිත වලින් ඔබ අප හමුවට චරිතයක්. එක රාමුවකට කොටු නොවී ඇය උපරිම සාධාරණයක් ප්‍රේක්ෂකයාට සිදුකරනවා.

ගිරිදේවී අග්නි පියාපත් වැනි නිරමනා තුලින් ඇයට ප්‍රේක්ෂකයා තවත් ආදරය කරන්නට පටන් ගත්තා. ඒ චරිත අදටත් ප්‍රේක්ෂකයාට මතක නොවේ. ඒ වගම මේ දවස්වල ඇය චලෝ ටෙලි නාට්‍ය හරහා වෙනස්ම විදියේ චරිතයක් රගපානවා. පාසල් යන දියණියකගේ චරිතයකට රගපාන ඇයට මේ දවස්වල ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙන බව දැනගන්න ලැබුනා.

ඒ වගේම කියා දෙන්න ආදරේ තරම කියන්නේ මේ දවස්වල හැමෝම බලන ටෙලි නාට්‍යයක්. ස්නේහා මිස් ලේඉන් කතාවේ චරිතයකට පන පොවන ශලනි නිර්වාන්ට හිතින් පෙම් කරන චරිතයක්. නිරාවන් ස්නේහා ආදර කතාව ගැන මේ දවස්වල හැමෝම වගේ කතාකරනවා. නිර්වන් කියන්නේ සැබෑ දිවියේ දක්ෂ නවක නළුවෙක් වන සචින් ලියනගේ. ශලනි සහ සචින් කියන්නේ දැන් හොදම් මිතුරන්.

ඉතින් සචින්ගේ උපන්දිනය වෙනුවෙන් පොඩි සප්‍රයිස් එකක් දීලා තියෙන බව අපට දැනගන්න ලැබුනා.එහි චායාරූප ශලනි සමාජ මාධ්‍යට එක්කර තිබුනා. ඉතාමත් ආදරණිය චායාරූප කිහිපයක්ම දැකගන්න පුළුවන් වුනා. ඒ වගේම සචින් වෙනුවෙන් මෙලෙසින් ඇය සටහනක් එක්කර තිබුනේ සුබ පතමින්. දක්ෂ හාස්‍යජනක සහ අපුරු ප්පුද්ගලයෙක් හොදම මිතුරෙකු ලෙස සිටීම සැබවින්ම විශේෂ දෙයක් සහ විශිෂ්ට තෑග්ගක් විය යුතුය. ඔබ ඇත්තටම වාසනාවන්තයි, මාගේ මිනිසා. පුදුමාකාර වසරක් වේවා. යනුවෙන් ඇය සුබ පැතුම් එක්කර තිබුනා. අපත් සචින් ලියනගේ ඔබට සුබ උපන්දිනක් වේවා කියා ප්‍රර්ථනා කරනවා.