ටනාෂාගේ අලුත්ම පෙම්වතා දේවා ද?


ළඟදීම තිරගත වීමට නියමිත සම්පත් ශ්‍රී රෝෂන් විසින් අධ්‍යක්ෂණය කරන ලද එමලි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන ඔහු දේවා. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඔහු ව්‍යාපාරිකයෙක්. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට පෙනි සිටින්නෙ ටනාෂා හතුරුසිංහ. ටනාෂා සමග ප්‍රධාන භූමිකාව ට රංගනයෙන් දායකත්වය දක්වන දේවා සමග කළ කතාබහකි මේ.
කොහොමද මේ දවස්වල ජීවිතය ?
මගේ පදිංචිය ඕස්ට්‍රේලියාවෙ. මේ දවස්වල ව්‍යාපාර කටයුතුත් සමග කාර්යබහුල වෙලා සිටිනවා. ඉතින් සතුටින් කාලය ගත කරනවා.
කලාවට එන්න හිතුණෙ ඇයි ?
පොඩි කාලෙ ඉඳලම කලාවට කැමැත්තක් තිබුණා. ඒ අතරතුර මගේ මිතුරා සම්පත් රෝෂන්ගෙන් චිත්‍රපටියකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ අනුව කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා.
වෘත්තිය මට්ටමින් කලාවට සම්බන්ධවෙන්න බලාපොරොත්තු වෙනවද ?
නැහැ. මගේ වෘත්තිය මට්ටමින් ෆිනෑන්ස් ඇඩ්වයිසර් කෙනෙක්. කලාව මගේ Passion එක. මට හිතෙනවා කලාව පැත්තෙන් මට යමක් කරන්න පුළුවන් වෙයි කියලා.
එමිලි චිත්‍රපටයේ ඔබේ චරිතය මොකක්ද?
චරිතය විනෝදයෙන්, සතුටෙන් කාලය ගතකරන තරුණයෙක් ගැනයි. මෙම චිත්‍රපටය ළඟදීම තිරගතවීමට නියමිතයි.
ඔබේ තට්ට හිස විලාසිතාවද? නැතිනම් ස්වභාවයද?
මගේ කොණ්ඩයේ ගැටලුවක් නැහැ . විලාසිතාවක් විදිහට මම කොණ්ඩය සම්පූර්ණයෙන්ම කැපුවා. කොණ්ඩය නැති හිසක් මේන්ටේන් කරන එක පහසු කාර්යයක් නෙමෙයි. හැමදාම කොණ්ඩය ෆුල් ෂේව් කරන්න ඕනෑ. ඒ වගේම හැමදාම ඒ අවශ්‍ය ක්‍රීම් වර්ග භාවිත කරන්න ඕනෑ.. ඒ වගේම හිරු එළියෙන් ආරක්ෂා කරගන්නත් අවශ්‍යයි.
ආදරය ගැන මොකද හිතන්නෙ ?
මම ආදරවන්තයෙක්. විවාහවෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ආදරය කියන්නෙ ලොකු විෂයක්. ආදරය ගැන කාටවත් පැහැදිලි කිරීමක් කරන්න බැහැ. ආදරය අපි හැමෝගෙම ජීවිතවලට අවශ්‍ය කාරණාවක්. ලෝකය රඳාපවතින්නෙ ආදරයෙන්.
ඉදිරි බලාපොරොත්තු මොනවද ?
බලාපොරොත්තු ගොඩාක් තිබෙනවා. කලා ක්ෂේත්‍රයෙන් තව චිත්‍රපට කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මගේ රට වෙනුවෙන් කලා ක්ෂේත්‍රයෙන් සේවයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි විදේශයක පංදිචිවෙලා සිටියත් උපන් බිමට ආදරෙයි.
