තමන්ගේම සැලෝන් එකක් හිමි ලංකාවේ ළාබාලම රූපලාවණ්‍ය ශිල්පිනියට යූටියුබ් එකෙන් ලැබුණ තෑග්ග
ලංකාවේ කෙතරම් සැලෝන්, රුපලාවන්‍යාගාර තිබෙනවද. ඒකනම් කතා කරන්න තරම් පුදුම සහගත දෙයක් නොවෙයි කියලා ඔබට හිතෙනවා ඇති. නමුත් අපි දැන් කතා කරන්නේ සාමාන්‍ය ජිවිතයේ මීට පෙර අපට අසන්නට නොලැබුණු රුපලාවන්‍ය ශිල්පිනියක් ගැනයි. ඇය ජිවිතේ ජයගෙන තියෙන්නේ පුංචි වයසේදීම වීම තමයි මෙතන තිබෙන විශේෂත්වය වෙන්නේ. නමින් මෙනුගි මනුල්‍යා කියන මේ පුංචි දියණියගේ වාසය තාමත් අවුරුදු නවයයි. රුපලාවන්‍ය ගැන අවදානෙන් සිටින අය නම් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයව ඕනෑ තරම් දැකලා ඇති. දවසක් මේ දියණියගේ පියා විසින් ඇයට මේකප් සෙට් එකක් ගෙනල්ලා දීලා තියනවා. සාමාන්‍ය එකක් නෙවෙයි ලක්ෂ දෙකක් විතර වටිනා එකක්.
එදා ඉඳලා මේ දියණිය ඒවායින් හැඩ වැඩ වෙන්න පුරුදු වෙලා තියනවා. යවස අවුරුදු දෙකේ වගේ පුංචි වයසේ ඉඳලා අවුරුදු නවයක් වෙනකන්ම ඇයට මේ ක්ෂේත්‍රය ගැන අත්දැකීම් තියනවා. වර්තමානය වනවිට මනාලියන් පවා හැඩගැන්වීමේ හැකියාවක් තිබෙන පුංචි මෙනුලි ඉගනුම ලබන්නේ මහනුවර කලම්බු ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ. පාසල්අධ්‍යාපන වැඩ වලටත් බෙහෙවින් දක්ෂ ඇය නර්තනය තුලිනුන් පාසලේ නමක් දිනාගත් කෙනෙක්. මේ වනවිට පාසල් අධ්‍යාපනයට අමතරව රුපලාවන්‍ය ගැනත් හදාරමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි ඇයගේ නමින් ෆේස්බුක් පිටුවක් සහ යුටියුබ් නලිකවකුත් තිබෙනවා.
මෙනුගිගේ මව දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ඉන්දුමාලා රාජපක්ෂයි, පියා මංජුල හරස්ගම. ඉතින් මේ පුංචි මෙනුගි ඉගැනිමත් කරගෙන යන ගමන්ම මේ ක්ෂේත්‍රය තුලත් ඉදිරියට අරගෙන යන්න දෙමව්පියන් ලොකු සහයෝගයක් දෙනවාලු. දරුවාගේ හැකියාවට මුල් තැන දෙමින් එවැනි දෙකට සහයෝගය දෙන දෙමව්පියන් සිටින්නේ බොහොට ටික දෙනෙකු පමණයි. මොකද අද සිටින ගොඩක් මව්පියන් උත්සහා කරන්නේ තමන්ගේ අඩිපාරේම හෝ තමන් කැමති ක්ෂේත්‍රයට දරුවාත් යන්න ඕන කියලා. නමුත් ඉන්දුමාලා සහ මංජුල කියන්නේ දරුවන්ගේ හැකියාවට මුල්තැන දෙමින් ඉදිරියට යැවීම වගකීමක් සහ යුතුකමක් කියලා. ඒ වගේම තමා නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක ගරුත්වය රැකගෙන ඉදිරියට යා යුතුයි කියලා.




