මට සහ නංගීට නම් දාලා තියෙන්නේ අපිව උපන්දින වෙලාවේ වෛද්‍යවරයාමයි. ඒක අහඹු සිදුවීමක්.
අනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි චතුරිකා ප්‍රේමචන්ද්‍ර යන මේ නිවුන් සහෝදරියන් දෙදෙනා අපට හමුවන්නේ දෙරණෙ විකාශනය වන ‘‘ මල් පිපෙන කාලේ’ ටෙලිමාලාවේ නිල්නෙතු සහ පිනිමුතු යන චරිත සමගයි. නිල්නෙතු වු අනුෂ්කි සහ පිනිමුතු කනුෂ්කි සමග අපි පිළිසඳරකට එක්වෙමු.
මුලින්ම අපි කනුෂ්කි ගැන කියමු?
කනුෂ්කි චතුරිකා ප්‍රේමචන්ද්‍ර මම නර්තන ශිලිපිනියක් දැන් මගේ වයස අවුරුදු 21යි. මම ඉන්නෙ මිනුවන්ගොඩ. සෞන්දර්යය සරසවියේ පලමු වසරේ සිසුවියක්.
කනුෂ්කි අක්කද නංගිද?
නංගි පවුලේ බාලයා
එතකොට අක්කා අනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර සහ ඔබ නිවුන්නුද?
ඔව් නිවුන් සහෝදරියන්.
ඉගෙන ගත්තේ?
මුලික අධ්‍යාපනය ලැබුවෙ මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයෙන්. ඉන්පසුව ගම්පහ රත්නාවලි බාලිකාවට ගියා. දැන් දෙන්නම කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියන්.
පවුලේ විස්තර කිව්වොත්?
අම්මා ගෘහණියක්. තාත්තා ජීවතුන් අතර නැහැ. අපි දෙන්නට වැඩිමල් තව සහෝදරියන් 4 දෙනෙක් ඉන්නවා.
ඒ කියන්නේ ගැහැණු ළමයි පොකුරක්?
ඔව්.
අක්කලා මොනවද කරන්නේ?
අක්කලා හතර දෙනාගෙන් තුන්දෙනෙක් පුද්ගලික අංශයේ රැකියා කරනවා. එක අක්කා කෙනෙක් ගුවන් හමුදාවේ සේවය කරනවා.
මොනවගේ පවුලක්ද?
හරිම එකමුතු හරිම ආදරණීය පවුලක්. අක්කිලා හතර දෙනා හරිම එකමුතුව පවුල මෙහෙයවනවා.
කනුෂ්කි? කියන නාමයේ තේරුම?
මට සහ නංගීට නම් දාලා තියෙන්නේ අපිව උපන්දින වෙලාවේ වෛද්‍යවරයාමයි. ඒක අහඹු සිදුවීමක්.
දැන් මේ නිවුන්නු දෙන්නා ගැන කියමුකො?
පොඩි කාලයේ ඉඳලගම එකටම හැදි වැඩුණ,ඉගෙන ගත්තේ නර්තනය කළේ ඒ සෑම දෙයක්ම එකටමයි. කළේ.
ඔය දෙන්නාගෙ දක්ෂතා ගැන කිව්වොත්.
අපි දෙන්නට සම්ප්‍රදායික වගේම බටහිර නර්තනය සහ ඉන්දිය භාරත නාට්‍ය රංගනයත් පුළුවන්.
කනුෂ්කිද වඩා දක්ෂ නැත්නම් අනුෂ්කිද?
නර්තනය අතින් දෙන්නම එකම වගේයි. ඒත් අධ්‍යාපනය පැත්තෙන් අනුෂ්කි මට වඩා දක්ෂයි.
දෙන්නගේ අනාගත අරමුණ?
උපාධිය අරගෙන නර්තන අංශයේ කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කිරීම වගේම අපි දෙන්නාගෙ නර්තන පාසලක් ( Stadio) පටන් ගැනීමයි. ඒකෙ AK Donce Studco E ඒ වගේම දැනට අපි දෙන්නගෙ යු ටියුබ් චැනල් එකෙන් අපේ දක්ෂතා නරඹන්නන් පුළුවනි. ඒකෙ නම ‘අනු ඇන්ඩ් කනු’ යුටියුබ් චැනල්.
අපිත් ඔයාට කනු තියන්නද?
හරි කියන්න .ඒත් යාළුවෝ අද මට කතා කරන්නේ මුතු කයලයි.
කනු කොහොම චරිතයක්ද?
හරිම විනෝදයෙන්. වැඩි කතා බහක් නැති, සංවේදී‘ චරිතයක්. මම ගෙදරට යාළුවන්ට ආදරය කරන උදව් කරන කෙනෙක්.
එතකොට අනු?
අනු සුහදශීලි චරිතයක්. එයත් හරිම සංවේදියි. එයා යාළුවන්ට හරිම ආදරෙයි.
මල් පිපෙන කාලේ නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද?
තුෂාර තෙන්නකෝන් සර් ෆේස් බුක් එකේ දැන්වීමක් දාලා තිබුණා. ඉතින් අපේ යාළුවොත් ඒක ෂෙයාර් කරලා. තිබුණා. අපේ ලොකු අක්කි තමයි ඒ දැන්වීමට අනුව අපි දෙන්නගෙ ෆොටෝස් සහාය අධ්‍යක්ෂ ලකි රංගල අයියාට යැව්වෙ. පසුව අපි ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. එහිදී තමයි තෝරා ගත්තේ. තවත් නිවුන් සහෝදරියන් කීප දෙනෙක් තෝරා ගැනීමේ පරීක්ෂණයට ඇවිත් හිටියා. ඒ අය අතරින් අපේ දක්ෂතා බලලා තෝරා ගත්තා. නිවුන්නු වීම වගේම අපි දෙන්නාගේ වයස සහ නර්තනය කිරීම නිසා අපි තෝරා ගන්න හේතුවක් වුණා.
මේ පළමු රංගනය නේද?
ඊට කලින් සන්සුන් දිවාරත්න සර්ගෙ නාට්‍යයකට දායක වුණා. ඒකයි අපිව ගත්තේ. සංජය වෙදආරච්චි අයියා. ඒ නාට්‍ය තවම විකාශයට නියමිත එකක්.
කොහොමද මේ නාට්‍යයේ දෙන්නා එකට රඟපාද්දි ඇතිවු අත්දැකීම?
අපි දෙන්නාන එකට රඟපාද්දි දෙන්නටම චිකා අමුතු අත්දැකීමක්. අපි දෙන්නම එකට රඟපාන්න ලැබීම තමයි ලොකුම චාන්ස් එක. ඒක අපි දෙන්නගෙ පොඩි කාලයේ ඉඳලම තිබු හීනයක්.
මල් පිපෙන කාලේ කනුගේ චරිතයට ?
පිනි මුතු
අක්කා අනුෂ්කි?
නිල් නෙතු.
පිනිමුතු සහ නිල්නෙතු මොනවගේ චරිතද?
පිනිමුතු දඟකාරයි. ගෙදරටම වෙලා හැදිලා ආච්චි අම්මාගෙයි අම්මගෙයි ආදරය දිනා ගත්ත චාම් චරිතයක්. නිල්නෙතු තාත්තාත් එක්ක එංගලන්තයේ ඉඳලා එන්නෙ. එයා හරිම ෆෝවර්ඩ් චරිතයවක්. ( සුහදශීලි එයාගෙ වැඩේ කොහොමහරි කරගන්න කෙනෙක්)
කොහොමද අද ප්‍රතිචාර?
ඉතාම හොඳයි. විකාශනය වෙච්ච දවසේ ඉඳලම ආවේ නෑදැයෝ. අපේ ගුරුවරු, යාළුවො අපිට නිතර කතා කළා. හොඳ කියනවා. ඉතින් අපට හරිම සතුටුයි.
හැර වෙන දක්ෂතා මොනවද?
පාසල් කාලයේදී මම අත්පන්දු (වොලිබෝල්) ක්‍රීඩා කළා. අක්කා අනු දැල්පන්දු (නෙට් බෝල්) ක්‍රීඩා කළා. පොඩිම කාලයේදි අපි දෙන්නා ජිම්නාස්ටික් කලා. දෙරණට අපි මුලින්ම ආවේ ‘ලිට්ල්ස්ටාර්’ තරගයෙන්. එහිදී අනු අන්තිම 12ට ආවාම. මම අන්තිම 20ට ආවා.
දෙන්නට දෙන්නා අතර රහස් එහෙමත් ඇති?
කොහොම හරි, අපි දෙන්නා තමයි දෙන්නට දෙන්නා සියලු දේ කතා වෙන්නෙ.
කවදාහරි දවසක නිවුන්නු දෙන්නෙක් සමග විවාහ වේවිද?
එහෙම අදහසක් ඒ දිනවල තිබුණා. එත් තවම ඒ ගැන හිතලා නැහැ. අධ්‍යාපනයට තමයි මුල් තැන.
මේ හමුවේදි අන්තිමට මොනවද තව කියන්න තියෙන්නේ?
අපි දෙන්නම මේ ටෙලිනාට්‍යයට ගත්ත ලක්සිරි වික්‍රමගේ සර් ,චරිත් කොතලාවල සර්, ගයාත්‍රි පෙරේරා අක්කා, තුෂාර තෙන්නකෝන් සර්,ලකී රංගල අයියා, ඇතුළු සියලු දෙනාටත්, මේ දක්වා අපට ගුරු හරුකම් ලබාදුන් සියලු ගුරු මෑණියන්ට පියවරුන්ට සහ අම්මාටත්, අක්කලාටත් අපේ ගෞරවය පුදදන්න කැමතියි.
සඳුන් ගමගේ






