මුද්දරස්පලං නෝනට ඩෝං ගිහින්
මේ මුද්දරස්පලං ඒ මුද්දරස්පලං ගැන නෙවෙයි.
ඒ මුද්දරස්පලං කීවෙ අපි කන මුද්දරස්පලං ගැන නෙවෙයි. සීනි මුරුක්කු ලීවට පස්සේ කසුන් රහ බලන්න ගෙනාව මුද්දරස්පලං ගැන කතාවක්. ඒකෙ තියෙන්නෙ පට්ට කුණුහරුප මෙලෝ රහක් නෑ කියලා කියපු අයත් නැතුව නෙවෙයි. ඒත් ඒ මුද්දරස්පලං රහද ? නැද්ද? වටිනවද? නැද්ද? මොකුත්ම කියන්න මමනම් දන්නේ නැහැ. මොකද මම මුද්දරස්පලං රහ බැලුවෙ නැති හින්දා.
ඒත් මුද්දරස්පලං හින්දා කසුන්ගෙ Wife ට ඒ කියන්නෙ මුද්දරස්පලං පොත ලියපු කසුන් මහේන්ද්‍ර හීනටිගලගෙ නෝනට මාධවී වත්සලා ඇන්තනීට නම් ටිකක් ඩෝං ගිහින් තිබුණා.
"මුද්දරස්පලං පොතට බනින අයට මම මුකුත් කියන්නේ නැහැ.කසුන් කවදාවත් ඒ නරක ප්‍රතිචාරවලට උත්තර දෙන්නන ගියෙත් නෑ.හැබැයි මම වැරැද්දක් කළා"
වැරැද්දක් කළා කියලා මාධවී කියන්නේ
මුද්දරස්පලං පොතට ආව නරක ප්‍රතිචාරවලට එයා උත්තර දෙන්න ගිය හින්දා.
"මම ඒ වැරැද්ද කරන්න පෙලඹුණේ මං අම්මා කෙනෙක් හින්දා .සමහර අය මුද්දරස්පලං කියවලා හරි කැත විදිහට කතා කළා.මාස දහයක් වෙච්ච මගේ පුතාට හරිම කැත විදියට දේවල් කියලා තිබුණා.මට අම්මා කෙනෙක් විදියට කේන්ති යන එක සාධාරණ නැද්ද?ලොකු වුණාම ළමයා අහයි අම්මගේ විවාහ ගැන කියලා තිබුණා.මූත් ලොකු වුණාම මේ වගේ ඇණයක් වෙයිද දන්නේ නැහැ කියලත් පුතාට බැනලා තිබුණා.මට දුක හිතුණේ ඒකයි.මට දුක හිතුණෙ මුද්දරස්පලං පොත ගැනවත් කසුන් ගැනවත් නෙමෙයි. මං අම්මා කෙනෙක් හින්දා. මගේ පුතාට දොස් කියද්දි මට දුක හිතුණෙ .
අම්මා කෙනෙක් වුණත් නැතත් ගැහැනියක් විදියට ජීවිතේ ඉවසන්න වෙන තැන් බොහෝමයක් හමුවෙන වග මම හිතන්නේ මාධවීට තවදුරටත් හිතන්න වෙනවා කසුන් තව පොත් ලියනවනම්.......







