මම මාරයා ළඟටම ගිහින් ආපහු ආපු කෙනෙක්-ප්‍රවීණ කළා කරු රෝහණ බැද්දගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් මෙන්ම නර්තන ශිල්පියෙක් තමයි රෝහණ බැද්දගේ කියලා කියන්නේ. ඉතින් මේ රටක් ආදරය කරන ජේෂ්ට කළා කරුවා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු මරණය අබියසටම ගොස් නැවත පැමිණියා කියලයි ඔහු පවසන්නේ. වසංගත තත්වය වැළදීමත් සමඟ තවත් රෝග ගණනාවකින්ම ඔහුගේ ජීවිතයට බලපෑම් එල්ල කරන්න ගත්තා කියලයි ඔහු පවසන්නේ. ඉතින් ඒ සියල්ලම සමඟ සටන් කර ඔහු දැන් යම්තාක් දුරට සුවයක් ලබමින් සිටිනවාලු.

ඉතින් ඒ වගේම ඔහු හිතනවාලු ඔහුගේ ආදරණීයයන්ගේ ආශිර්වාදයෙන් ඔහු නැවත ජීවිතේ ලැබුවා කියලා. ඒ වගේම ඔහු තදබල විදියට විශ්වාස කරනවාලු ධර්මයේ හැසිරෙන කෙනෙක්ව ධර්මය විසින් අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බව, ඉතින් තද බල බෞද්ධයෙකු වන ඔහු අදත් ඒ නියායට අනුව ආරක්ෂිතව ජීවත් වෙනවාලු. ඉතින් ඒ වගේම පිළිතුරු ලියලා ඉවර කරන්න බැරි ප්‍රශ්න පත්තරයක් විදියටලු ඔහුට ජීවිතේ දැනෙන්නේ. මැරෙනකම ඒ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුයිලු. සමහරවිට අප මියදෙන්නෙ විසදුමක් නැති ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලත් වෙන්න පුළුවන් කියලත් ඔහු පවසනවා.

ඉතින් ඒ වගේම ජීවිතය ගැන ඔහු බොහොම සතුටින්ලු ඉන්නේ. ඇලීම් ගැටීම්, බැඳීම් අවම කරගෙන සියල්ල අතහැරලා ඔහු බොහෝම සතුටින් ඉදිරියේදී යා යුතුම ගමනට සුදානමින් ඉන්නවා කියලයි ඔහු පවසන්නේ. ඉතින් ඒ වගේම නිරෝගී කම කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම ලාභය බව රෝගී වෙනකොට ඕනෑම කෙනෙකුට වඩ වඩාත්ම වැටහෙනවා කියලයි ඔහු පවසන්නේ. ඉතින් පුද්ගලයෙකුගේ නිරෝගී කමට කායික, මානසික නිරෝගීතාව යන දෙකම අත්‍යවශ්‍යයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු ශරීර කුඩුව නිරෝගීව තබා ගැනීමට නිවැරදි ආහාර රටාවකට හුරු වෙලා ඉන්නවාලු. ඒ වගේම අධ්‍යාත්මික සුවය වෙනුවෙන් මනසේ නිරෝගි කම ඉතා වැදගත් වැදගත් කියලත් ඔහු පවසනවා. ඉතින් ඒ වෙනුවෙන් භාවනාව දින චරියාවේ කොටසක් කරගෙන ඉන්නවාලු. ඔහු නිරතුරුවම මෙත්‍රී භාවනාව වඩනවාලු. නමුත් ලෙඩ වීම වයසට යාම කියන පොදු ධර්මතාවය අපට වලක්වන්න බැහැ කියලත් ඔහු කියනවා.

ඉතින් ඒ වගේම ඔහු විනෝදාංශ විදියට ධර්ම පොත් පත් කියවීම අදටත් බොහොම සතුටින් කරන දෙයක්ලු. ඉතින් ඒ වගේම සංගීත, නර්තන ශිල්පියෙකු ලෙස විවිධ දක්ෂතා තිබුණු ඔහු කලාවට සම්බන්ධ වෙන්නේ අහම්බෙන්ලු. ඒ වගේම ඔහු වෘත්තියෙන් නර්තන ආචාර්යවරයෙකු ලෙසලු වැඩ කටයුතු කලේ. අද වන විට ලෝකයේ හැම තැනකම වාගේ ඔහුගෙන් ඉගෙන ගත්ත ආචාර්යවරු, මහාචාර්යවරු ඉන්නවාලු. ඉතින් ඒ වගේම ඔහුගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂයක් වුණේ ‘මගේ රත්තරන් හෙලේනා’ සින්දුව ජනතාව අතරට යාමලු. රංගන දිවියේ ලොකු ප්‍රසිද්ධියක් පළිගු මැණිකේ ටෙලි නාට්‍ය විකාශය වන කාලයේදී ඔහුට ලැබුණා කියලත් ඔහු පවසනවා. ඉතින් ඒ වගේම මාමයි බෑනයි ෂෝ එකටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණා කියලයි ඔහු පවසන්නේ.

ඉතින් ඒ වගේම ගායනය, නර්තනය, කලාව වෙනුවෙන් දේශීය වගේම විදේශ රටවල දීද ඔහු ඇගයීමට ලක්වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ලැබුණු සම්මාන තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක් ඔහු සතුව තිබෙනවාලු. ඉතින් ඒ සියල්ල සමරුවක් ලෙස උදේ සවස දැකීම සිතට පුංචි සතුටක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.